About Me

My photo
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??

Saturday, September 8, 2012

පියාණෙනි..

ගල් කුලක හයිය ගෙන
පිහාටුවක මෙලෙක සඟවන
ගිනිපිඹින දෑස් මවමින්
පිනිබිඳක සිසිල සඟවන
ගොරහැඬි වදන් කියමින්
මෙලෙක මුදු වදන් සඟවන
අප්පච්චියේ නුඹේ
සෙනෙහෙ වදන් වැල්
සිතෙහි මෙලෙක බව
කියෙව්වෙමු අපි
නුඹට හොරෙන් නුඹේ
දෙනෙත් කවිපද
අපිට පබඳින විට..

මව්නි..

කුසෙහි රඳවන්
තොටිල්ලක් වන්
කිරි කර දුන්
රුහිරු ගඟුලැල්
කඳුළු හංගන්
සිනහ දන්දුන්
තුරුළු කරන්
මඟ කියාදුන්
අම්මේ නුඹේ
උණුහුම
ලෝකෙටම සිසිලයි
උණුහුමෙන් දෙන
සෙනෙහෙ ගඟුලෙන්...

ආයිමත් ඉස්කෝලෙට

යන්න ආසයි ආයිමත්
ඉස්කෝලෙට දවසකට හරි
කළු ලෑලි ඩෙස් බංකු
යකඩ පුටු මේස
අතර සුවඳ විඳින්නට
ගුරුවරුන්ගේ වීරකතා
පඬි කතා එක්ක
පොඩි ගුටියකුත් කන්න
චෝක් කෑල්ලක්
කඩල අරන්
තවකෙකුට ගහන්න
පොඩිපහේ කට් එකකින්
මුහුදේ පොඩ්ඩක් නාන්න
ඇරුනාම ඉස්කෝලේ
පොඩි වලක් බහින්න
රටේ නැති ලොකු කතා
කෙල්ලෝ බල බල කියන්න
ආයිමත් එනවනම්
ඒ ලස්සන දවස් ටික
හැබැයි ඔන්න
විභාගනම් නැතුව හරිය........???

මගේ මළගම

දවසක් ඒවි
මගේ පන්හිඳ
නවතීවි
දවසක් ඒවි
මගේ කියවිල්ල
නවතීවි
දවසක් ඒවි
මගේ සද්දයක්
නැතිවේවි
පොඩ්ඩක් වරෙන්
ගේ පැත්තේ
හැරෙන තැන
සුදු කොඩි තියේවි
අතරින් පතර
ගොක් කොලත් එක්ක
මතක ඇතුව
යන්න කලින්
අම්මටයි තාත්තටයි
වචනයක් කතාකරලා
පලයන්.....

Saturday, September 1, 2012

නිදහස් අධ්‍යාපනය(මද?)

නිදහස් අධ්‍යාපනය කියලා ගොඩක් දෙනෙක් කෑගහන තර්ක කරන මේ දවස්වල තියන කතාබහ ගැන මගේ මධ්‍යස්ථ අදහසක් දක්වන්න හිතුනා.මුලින්ම කියන ඕනේ මේක කිසිම දේශපාලනික මතවාදයකින් බැහැරව කෙරෙන අදහස් දැක්වීමක්.මම කාටවත් කඩේ යන්නේ නෑ..හැබැයි මේකෙදි සමහර පටු මතවාද දරන අය පිළිගන්න අකමැති කරුණු කාරණා මතුවෙයි.ඒකට මට කරන්න දෙයක් නෑ.මම කතා කරන්නේ විවෘතව.හරි මම කෙලින්ම කතාවට බහින්නම්.මම කතා කරන්න බලාපොරොත්තු වෙන එක දෙයක් නිදහස් අධ්‍යාපනයක් ඇත්තටම තියනවද කියන මතය.අනෙක පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වීම.
නිදහස් අධ්‍යාපනය ඇත්තටම නිදහස්ද?මෙන්න මේකට උත්තර දෙද්දී ඔය උගුර ලේ රහ වෙනකන් කෑ ගහන සහෝදරවරු මෙන්න මේ ප්‍රශ්නවලට හිතේ කහටක් නැතුව අවංකව උත්තර දෙන්න.
  • ඔබතුමන්ලා ඉගෙන ගත්තේ පාසැලෙන්ම පමණද?
  • පාවිච්චි කරේ පාසලෙන් දුන් පෙලපොත්ම පමණද?
  • කිසිම දාක උපකාරක පන්තියකට ගිහින් නැද්ද?
  • එහෙම උපකාරක පන්ති යද්දී,අතිරේක පොත්පත් ගනිද්දී තමන් එක්කම නිදහස් අධ්‍යාපනය ලබන තමන්ගේ එහා පැත්තේ ඉන්න දුප්පත් මිතුරාට මේ තමන්ට ලැබෙන දේ ලැබෙන්නේ නෑ නේද කියලා හිතුනද?
දැන් මම කතා කරන්නම් ඒවා ගැන.ඔබතුමන්ලා ඔය කෑගහන නිදහස් අධ්‍යාපනයේ මහිමය හැමෝටම ලැබෙන්නනම් ඉස්කෝලේ යන කාලේ ඉඳලම උපකාරක පන්ති පවත්වන එකට විරුද්ධ වෙන්න.ඔච්චරටම සමානාත්මතාවය අගය කරනවනම් දාස් ගණන් දීල ගෙදරට ගුරුවරු ගෙන්නගන්න එක නවත්තන්න.ඉස්කෝලෙන්ම ඉගෙනගෙන විභාගේ ලියන්න.දැන් ඔබතුමන්ලා ඉගෙනගන්න විශ්වවිද්‍යාලයේ මාසෙට ලොකු ගානක් ගෙවන පාසල්වල ඉඳල ආපු ශිෂ්‍යයෝ එක්ක එක බත් පත කනවද?බරපතල විසංවාදයක් නේද සහෝදරවරුනි?මොකද ඔවුන් ඔතනට එන්නේ නිදහස් අධ්‍යාපනය කියන ප්‍රවාහය හරහා නෙවෙයි.ඔබතුමන්ලා මම මුලින් කිව්ව විදියට පොත්පත්වලට,උපකාරක පන්තිවලට වියදම් කරේ සල්ලි තියන නිසා නේද?එතකොට දුප්පත් අම්මල තාත්තලාගේ ළමයි ගැන පව් කියලා හිතුනේ නැද්ද?සරලවම එපමණයි නිදහස් අධ්‍යාපනය ගැන.

දැන් මම එන්නම් මගේ දෙවන කරුණට.පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වීම.මේකටත් මට කලින් තර්කෙම පොඩ්ඩක් අදාල කරගන්න වෙනවා.ඔබතුමන්ලා AAA අරගෙන කැම්පස් යන්න පුද්ගලික උපකාරක පන්ති වලට ගියානම්,තමන් ආස කරන,තමන්ට හැකියාවක් තියන විෂයයක් ඉගෙන ගන්න තවත් ළමයෙක් පුද්ගලික විශ්වවිද්‍යාලයකට යන එකට විරුද්ධ වෙන එක හරි මදි වගේ නැද්ද?ඒ වගේම CSS තියනවනම් ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න එක සුදුසුකමක් බව කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන අයදුම් පත්‍රය සහිත අත්පොත.ඔබතුමන්ලා එහෙම ශිෂ්‍යයන්ට ඉගෙනගන්න දෙන්න එපා කියනවනම් ඔවුන් උපාධියක් ලබන්න සුදුසු නෑ කියනවනම්,ඔබතුමන්ලා වක්‍රාකාරව කියනවා දුෂ්කර පළාත්වලින් අඩු "Z"අගයක් යටතේ කැම්පස් එන්නෙත් මැට්ටෝ කියලා.එහෙම නේද?ඔබතුමන්ලාගේ තර්කය සාධාරණ වෙනවා කැම්පස් යන්නේ 1000ක් නම්,ඒ 1000 island rank 1- 1000 දක්වා වෙනකන් ඇතුලත් කරගන්නවනම්.සරලවම මෙපමණයි..කැම්පස් සටන ජයගන්න ඔබතුමන්ලා පුද්ගලික පාර්ශවයක සහය ලබාගත්තානම්,රැකියා තරඟය ජයගන්න තවත් අයෙක් පුද්ගලික පාර්ශවයක සහය ලබාගන්න එකට විරුද්ධ වෙනකොට නිකන් ආත්ම කින්ඩියක් වගේ ඇති වෙන්නේ නැද්ද???

පොඩ්ඩක් හිතලා බලන්න..තමන් තමන්ගේ අනාගතය හදාගන්නවනම්,ඉස්කෝලේ එක මේසේ එකට බත් එක කාපු තමන්ගේ මිත්‍රය තමන්ගේ අනාගතේ හදාගන්නවට ඔය විදියට විරුද්ධ වෙන්න එපා.ඒ වගේම තමන්ගේ ළමයින්ට සේසතම විකුණලා හරි උගන්නන්න බලන ඉන්න අහිංසක අම්මලා තාත්තලත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.තව එකක්..හොරෙන් ලිපි හදල ගන්න මහපොළ තියනව නේද??එක පුලුවන්නම් ඔය අසරණ ළමයෙක්ට අරන් දෙන්න..ඒක අරගෙන බොන්නයි,කෙල්ලොන්ටයි,වෙන වෙන වැඩවලටයි වියදම් නොකර..එතකොට ඔය උගුර ලේ රහ කරගන්නේ නැතුව තමන් බලාපොරොත්තු වෙන දෙයින් හරි අඩක්වත් කරගන්න පුළුවන් වෙයි.

Wednesday, July 11, 2012

අල්තීනායි

අල්තීනායි..
නුඹත් නැත
මමත් නැත
එක්ව සිටවපු
පොප්ලර් ගසුත් නැත..
අයිලය පුරා දිවගිය
අපි එක්ව හිඳගත්
ස්ටෙප්ස් තණබිම්ද නැත..
නමුදු වෙනත් ස්ටෙප්ස්ද ඇත
තවත් පොප්ලර් ගස් හැදෙනු ඇත
අපේ වන්නට
යලිත් දවසක
මුණගැසෙමු අපි
අපේ දයාබර අයිලයේම....

--- දුයිෂෙන් ---

නුඹමද??

හිතන්නට කිව්වේ නුඹ
පතන්නට කිව්වේ නුඹ
තනන්නට කිව්වේ නුඹ
බැඳෙන්නට කිව්වේ නුඹ

අන්තිමේදී...

නොහිතා ඉමු
නොපතා ඉමු
නොතනා ඉමු
නොබැඳි ඉමු

මේ හැම දෙයක්ම
කිව්වේ නුඹමද??

මම දනිමි මම නොවන වග....

රූමා....

ලස්සනම එක මිටියාවතක
පඬු පැහැති ඉර එලිය මැද..
සිලි සිලියේ ගී කියන
අතු අගිසි සිපමින් එන..
මැද නලෙහි නැලවෙමින් 
සියොතුන්ගේ මග යමින..
සුරලියක මුමුණන
ගී පදත් අහගෙනම..
අතින් අත පටලගෙන
නිල්ල දිග පියනගන..
කැළඹුනා එක්වරම
සිත්තමම අකුරු කල..


නැගිටහන් තේ බොන්න
හොල්ලනවා ඇඳ විට්ටම..
අනේ මගේ හීන පොඩ්ඩ
රූමා උඹ කෑවා නේද...???

Monday, July 9, 2012

මචං profile picture එකට මේක දාලා cover page එකට මේක දාන්න...



ඔන්න ඔය උඩ තියන මාතෘකාවට අදාලව මේ මෑතකදී එක්තරා බ්ලොග් ලිපියක් (මේකෙන් බලන්න) පල වුණා අපේ කස්ටියට මතක ඇති..ඉතින් ඕක ලියපු ඇත්තොන්ට මුල් උනේ මේ මම ගෙනිච්ච පොඩි ව්‍යාපෘතියක්..මොකද හැමෝම දන්නවා පාණ්ඩේ ඇතුළු පිරිස මේ ඊයේ පෙරේදා බොහොම ජයට ගාල්ල හොල්ලල අචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය අවසන් වරට ගලුපුරයේ දියත් කරලා එතුමන්ට විශිෂ්ඨතම සමුගැන්ම ගාල්ලෙන් ලබා දුන්නා කියලා..
ඉතින් කතන්දරේ මේකයි..පාණ්ඩේ ට තියෙනවා පොඩි කැක්කුමක් වැඩකට බැස්සොත් මරාගෙන හරි ඒකෙන් උපරිම ඵල නෙලාගන්නකන් වැඩේ කරන්න.ඉතින් මේ "ස" ව්‍යාපෘතිය ආරම්භයේදීම අපිට වැටුණා අජරාමර කොක්කක්.ඒකෙන් අපිට අනුග්‍රාහක භවතුන් හොයාගන්න වගේම,පොඩි ප්‍රචාරයක් දීගන්නත් බැරි වෙන විදියේ තත්වයක් තමයි ඇති උනේ.ඉතින් ඔය අතරේ අපේ ග්‍රැෆික් වැඩකාරයෝ අපේ වැඩේට හරියන විදියේ profile picture එකකුයි cover photo එකකුයි හදල අපේ Facebook group එකට upload කරා.ඉතින් පාණ්ඩේ ඇතුළු පිරිසක් දඩි බිඩි ගාල ඒවා අපේ profile වල දාගත්තා.ඉතින් පාණ්ඩේ නිකන් ඉන්න ගමන් online ඉන්න අපේ කොල්ලොන්ට ඔය උඩ තියන මාතෘකාවයි ඒ අදාල දේ කොහෙන්ද හොයාගන්න පුළුවන් කියන එකයි ඇතුලත් කරලා chat messages යැව්වා.
කොල්ලෝ ටික කිව්ව පරක්කුවෙන් ඒවා මාරු කරගත්තා..සමහර අය phone එකෙන් ඉන්නේ පස්සේ දාන්නම් කියලා පස්සේ මාරු කරා..ඉතින් ඔහොම දවසක් විතර ගියාම පාණ්ඩේ අයිත් ටිකක් වදින විදියට වචන වෙනස් කරලා මේ message එකම යැව්වා.ඉතින් එහෙම යවලත් වෙනස් නොකරපු උදවිය ගැන පුංචි කේන්තියක් ආවා පාණ්ඩේට.ඇයි වදේ මේක දැම්මා කියලා අතින් පයින් යනවය???
ඉතින් පාණ්ඩේ කරේ කොල්ලොන්ට අවේණික වූ පොඩ්ඩක් තද වාග් මාලාවකින් group එකේ පොඩි වදනක් දාපු එක.ඔන්න ඕක දැම්ම විතරයි අපේ ඉන්න දයාබර මං පොර ජාතකෙන් විලිවහගන්නා මහත්තයෙක්ට ඌරු ජුවල් ගිහිල්ලා.මටchat box එකේ එව්වා එහෙම නොකරන්න හේතු වගයක්.ඉතින් මම කරේ කාටත් කින්ඩිය දෙනවා වගේ පොර හෙන හෑල්ලක් එව්වම "හා" කියල ගහලා යැව්ව එක..
මෙන්න බොලේ පස්සෙන්ද එලි වෙද්දී වක්‍රාකාරව මට වදින්න මේ ඇත්තෝ එයාගේ බ්ලොග් එකක මේක ගැන ලියලා කට්ටියටත් එවලා..
මහත්තයෝ මෙහෙමයි, කණ්ඩායමක් එකතු වෙලා දෙයක් කරනකොට ඒ දේ වෙනුවෙන් සම්පූර්ණ හැඟීමෙන් කැපවෙන්න පුරුදු වෙන්න..එහෙම කැප නොවිය යුතු දේත් තියනවා.ඒත් මුහුණපා ඇති තත්වය අනුව ඒ දේ වටහාගෙන ක්‍රියා කරන එකයි වඩා උචිත..මේ කියන මම උනත් හැම එකටම ඔහොම මාරු කරන්නේ නෑ..ඇත්ත..අපි ප්‍රතිපත්තිගරුක විය යුතුයි..ඒත් කණ්ඩායමක ඉන්නවා කියන දේ තේරුම් ගන්න.
ඔය කියන "මං පොර"ට වඩා කෙලි කාරයෝ,සුපිරි මොලකාරයෝ අපේ මේ වැඩේ වෙනුවෙන් බැහැලා වැඩ කරා..ඉතින් ඔක්කොමත් දාල අන්තිමේදී මේ මහත්තයා කිව්වේ මොකද්ද එහෙම පබ්ලිසිටියක් ඕනේ නම් මුණුපොතේ ඇඩ් දාන්නලු..එතකොට හරිලු..එහෙම නැත්නම් වැඩියෙන් share කරන්න කියල ඒකෙන් දිනන කෙනාට8 GB pen drive එකක් දෙනවා කියලා දාල,අපේ එක්කෙනේක්ටම බොරුවට pen එකක් දීල photo upload කරමුලු..කොහොමද ටිකිරි මොලේ??ඕව කරානම් "ස" නෙවේ අපිට "රි" ගන්න වෙන්නේ..
බොරු කියන්නේ මොකටද profile picture එකයිcover photo එකයි මාරු කර ඇසිල්ලේ පාණ්ඩේගේ ටිකට් 5කට කිට්ටු වෙන්න විකුණුනා..මේ ඇත්තෝ මූණු පොතේ ඇඩ් දාල කොරපු හරිය කොච්චරද කියනවනම් මමනම් ඇහකට දැක්කේ නෑ ඔය කියන ඇඩ් එක.ඔය වගේ උන්ට කැම්පස්වල කියන්නේ අලයෝ කියලා.අපිනම් කියන්නේ කබ්බෝ කියලා.මුන්දැ කියනවා ඔහොම දේකදී ඉස්කෝලේ උන් කතාවෙන්නේ මුගේ කැම්පස් ගිහින් ලොකු ලයින් නිසා මුට ගහන්න ඕනේ කියලලු..මේ ඇත්තෝනම් කැම්පස් යන්න කලින් ඉස්කොලේදීත් ලොකු ලයින්ම තමා..දිව්වේ මම පොර ජාතකෙන්ම තමා.ගණන් ගත්තු එකෙක් නෙවෙයි කොහොමත්.අමුතුවෙන් ආවඩන්න දෙයක් නෑ..(කොහොමහරි කැම්පස් ඉන්නේ කියලත්,එකේ ඉන්නෙත් මම පොරෙන්ම තමයි කියලත් කියාගෙන)
ඔය කියන "මං පොර"ට වඩා කෙලි කාරයෝ,සුපිරි මොලකාරයෝ අපේ මේ වැඩේ වෙනුවෙන් බැහැලා වැඩ කරා..සමහර අය හිටියා ඔය කිසිම දෙයක් මාරු කරේ නෑ..ඒත් අපි දැනගෙන හිටියා ඒ කොල්ලෝ සෑහෙන දෙයක් කරනවා කියලා..මේ ඔක්කොම ලොකු ටෝක් දාපු ඇත්තෝ කරේ තමන්ට දීපු ටිකට් ටික යන්තං විකුනපු එකයි..හරියටම ප්‍රසංගය දවසේ ඇවිල්ලා බලල ගිය එකයි විතරයි..බලල ගියායින් පස්සෙනම් මේක ගාල්ල හොල්ලපු වැඩක් උන නිසා තමනුත් මේ කණ්ඩායමේ හිටියා කියන්න මොකද්ද එකක් දාල තිබ්බා..උන්දැගේ මුණුපොතේ අර්ථය කෙලෙසෙන්නේ මෙහෙම photo එකක් මාරු කරාමලු..මෙන්න මේ ඇත්තෝ ලඟකදී දාපු status එකක්..මුන්දැගේ මානසික මට්ටම කෝකද කියල තේරුම් ගන්නකො මෙන්න මේකෙන්...


"------අපේ class වල හිටපු කෙල්ලෙක් එක්ක චැට් එකක්------- 
relationship status hidden ය. හැබැයි profile picture එක "I love You" කියල teddy bear කෙනෙකි. (Teddy bear picture එක download කරපු එකක් නෙමෙයි, camera 4n එකකින් ගහපු එකක්)
නිකමට දැන් bf කෙනෙක් ඉන්නවද කියා ඇසුවෙමි. අනේ නැ පිස්සුද?
එත එක්කම ඒ profile picture එකම ඒ cover page එකම තියෙන තව කෙනෙක් මගේ online list එකේ. පොඩි කලේ ඉදල ඉස්කෝලේ හිටපු යාලුවෙක්.

මලක් වැනි දෙබසක් ගලාගෙන යයි. අපි අහුවෙයි ඕවට.

අද බලද්දී කොල්ල මාව remove කරා ඇත, කෙල්ල තවමත් online සිටි. මෙන්න කෙල්ලෝ LOL"



ප.ලි..


අදාළ පුද්ගලයාගේ මෙම status එක උපුටාගෙන දැම්මේ ඔහු මානසික මට්ටමින් කෙතරම් පහල අඩියක සිටින්නේද යන වග හා,මා උක්ත කො‍ට දක්වා පිළිතුරු සැපයුවා වූ අදාළ බ්ලොග් ලිපියේ මොහු පවසා ඇති පරිදි මොහුගේ තත්වයට profile picture මාරු කිරීමෙන් හානි වන්නේනම්,මෙවන් status දුටු විට මොහු ගැන ඇති වන්නේ කෙතරම් පහන් හැඟීමක්ද යන වග පහදන්නටය.....
එසේනම් මොහුට ලේසියෙන්ම brothel house (සිංහලෙන් දැම්මම පොෂ් නෑ නේ) එකක industrial training යන්නට හැකිය..
තවද මෙම උපුටා ගැනීම සිදු කිරීමෙන් අදාල මිතුරියට අපහසුතාවයක් සිදු වුනේනම් සමාව භජනය කරමි...

Friday, June 29, 2012

දහයට පහයි..

රුපියල අරමලු
ආර්ථිකේ මෙහෙමලු
උද්ධමනේලු
අස්ථාවරලු
මොනවා උනත්
හැමදාම
කෝච්චියේ යනෙනකොට
ළූණු එක්ක මිරිස් එක්ක
දහයට පහයි
පරිප්පු වඩේ...

Wednesday, June 27, 2012

පාතාලේ සොල්දාදුවා

දුවන් එන අඩිහඬට
පෑල දොර විවර වෙන..
දුවන් එන පොඩි උන්ගේ
තකහනියේ හිස සිඹින..
එක අතක එල්ලෙනා
රස චිකන් කොත්තුව..
අනෙක් අතට වහංගුව
ගිනි නිවන බඩු කාල..
පසෙක උන් බිරින්දෑට
විඩාබර සිනාමුව..
වාඩිවෙන්න නැවෙනකොට
එළිබහින ඉටුදෙවියා..
බඩවියත රැකලා දෙන
ගිනි පිඹින ගල්කටස් එක...

කුවේණිගේ.....

අන්තරේ නසනවලු
පඩිපතත් කපනවලු
විදුලියත් කපයිලු
නියඟෙකුත් තියනවලු
මේ කචල් හෙන කේස්
හැමදෙයක් වෙන අස්සේ
අපේ උන්ට 
ලොකුම දේ
කුවේණිගේ ජංගියලු....

Saturday, May 19, 2012

මම

මම සහ මම
අතර කැරකෙන මම
උඹ දකින මම
මමමමද මම
අන්තිමෙදි මම
හිතුවා ගැන මම
හිතුනේ ගැන මම
මම නෙවෙයි මම....

මට පාන්ද??

එන්නේ නෑ මම
යන්න යනවා මම
අඬගහන්නෙපා මට
බලන්නේ නෑ මම
ආපහු හැරිලා
යනවා යන්න මම
ඉන්නවා තනියම...
ඉවර උන ගමන් මම
මේ සුපුරුදු ටේප් එක
ඇහුවා මම අනිත් පැත්තට
මට පාන්ද????

Saturday, May 12, 2012

වීරයා මැරිලා

වල් වැදිලා නීතිය
පෙලනවා මම ආණ්ඩුව
කරනවා මම උපවාස
ඕනේ මට යුක්තිය
තව තවත් සාධාරණය
බ්රුස්ස්...
පාට නැති වෑන් එක
දොහ්..
පස්සෙන්දා පාන්දර
පොල් අකුරු මුල් පිටුව
"වීරයා මැරිලා"

රැඟිල්ල.. දි මිනිහා...

හිටගෙනද ඉඳගෙනද
මුඛයෙන්ද දත් නැති
පහල ඇති මුඛයෙන්ද
කියව කියව රඟන්නේ අපි
තිර නැති වේදිකාවේ
තෑගී නැති රඟ මඬල මත
කුමකටද
ඉන් ලැබෙන පල කිම
කවදා හෝ පස් ගොඩක
කුණුවෙලා යන අපිට...

ෂෝ ඕෆ්..දි මිනිහා..

උඩ බැලුවා
බිම බැලුවා
වම බලල
දකුණත් බැලුවා
ලොකු දිශා හතරෙත් නෑ
අනුදිශා හතරේ හැර
මම පමණි මිනිහෙක්ට...

ගොනා

නපුරු හීනෙක
අඳුරු අන්තය
මියුරු අතීතය
සමග ගලපන
කාලකන්නි එක
හීන ෆැන්ටසියක
උඩ බලං උඹ
කරන ගොන් කම...

Tuesday, April 10, 2012

කී බෝඩ් බෞද්ධයන්ට..

මේකනම් ලියන්නේ මේ දැන් දැන් පොර වීගෙන එන කීබෝඩ් බෞද්ධයන්ට...ලඟකදී ඉඳල මුන් මේ ඕනේ එකටයි එපා එකටයි හැමදේටම කොහෙවත් නැති බෞද්ධ කමක් ගාගෙන..පුදුම කැක්කුමක්නේ දෙයියනේ...යක්කුනේ ඔච්චරටම කැක්කුම නම් පන්සල්වල හොර වැඩ කරන හැමුදුරුවොන්ට ගහල පන්නපියකෝ..ගෙවල්වල පහනක් පත්තු කරපියකෝ..පෝය දවසටත් කම්පියුටරේ ළඟ ලැගගෙන ඉන්නේ නැතුව පන්සලකට පලකො..මුන්ගේ බෞද්ධ කම තමයි ඒක..පෝය දවසට මේකේ ලැගගෙන ලොකුකම් දාන එක..

සමහර පොෂ් කෙල්ලොන්ටත් බුදු දහම මතක වෙන්නේ ඔන්ලයින් ආවම..අම්මේ ශ්‍රද්ධාව..ඊට වඩා පත්තිනි අම්මල නෑ..මේ බූරුවෝ කරන එකෙන් ලජ්ජා වෙන්නේ නිර්මල බුදුදහමටමයි..යක්කුනේ අවවාදයට වඩා ආදර්ශය උතුම්..ඒකයි බුද්ධ ධර්මය..උඹල මෙච්චර හරක් වගේ මේවල කෑගහනවා..ඒ වෙලාවේ කතෝලික,මුස්ලිම් මිනිස්සු තමන්ගේ ආගමට ලැදිව ඒ දේ හරි විදියට කරනවා..උඹල මෙතන වරිගේ නහගන්නවා..නිකමට බලපල්ලා මුස්ලිම් මනුස්සයෙක් කතෝලික ක්‍රිස්තියානි මනුස්සයෙක් වහනෙක යද්දී පල්ලියක් දැක්කොත් එකට නැගිටලා ආචාර කරනේ නැද්ද??කුරුසයක්‌ දැක්කත් ඇති..එකට අපේ උන්??පන්සලකට පඬුරක් දානවද??වාහනේ කැසට් එක ඕෆ් කරනවද??අඩුගානේ වාඩිවෙලා ඉන්න සීට් එකෙන් නැගිටිනවද??අනේ උඹලගේ ඔන්ලයින් ශ්‍රද්ධාව..දාපිය බල්ලට...
අනිත් එක මුස්ලිම් මිනිස්සු වෙළඳාම අල්ලනවා කියල මැරෙන්න හදනවා..නිකමට ගිහින් බලනවා මුස්ලිම් කඩේකටයි සිංහල කඩේකටයි..සල්ලි මදි පාඩුවක් උනොත් සිංහල මිනිහ මොකද්ද කියන්නේ??"සමාවෙන්න ඕක තියල යන්න කියල.." ඒත් මුස්ලිම් කඩේක?? "කෙමක් නෑ මාතිය..අරාන් යන්ඩ..පශ්ශේ බෙරිය.."  ඉතින් කාගේද බිස්නස් වැඩි වෙන්නේ??මම මේ කතා කරේ බහුතරය..


අනික මේක දැම්ම කියල මුස්ලිම් සහෝදරයෝ තරහ වෙන්නත් එපා,අපේ පට්ට අම්මණ්ඩිලා තරහ වෙන්නත් එපා..මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක යාලු උනොත් මිනියක් මැරෙන තරමට ඒක දරුණුයි..බොහොම කලාතුරකින් තමයි එහෙම කසාදයක් වෙන්නේ..ඒත් සිංහල කෙල්ලක් මුස්ලිම් කොල්ලෙක් එක්ක යාලු උනොත්??ඒ තරම් ඉක්මනටයි ලොකුවටයි වෙන කසාදයක් තවත් නෑ..තේරෙනවනේ මොකද්ද යටි අර්ථය කියන එක?තේරෙන්නේ නැත්නම් අහන්න කියන්නම්..සමාවෙන්න ඕනේ ඇත්ත තිත්තයි..

මේක දැම්මේ මාත් බුදු දහම අදහන්නේ නැති,ඒත් බුදු දහමට අනුව ජීවත් වෙන කෙනෙක් නිසයි..මොකද අදහන්න ඕනේ ආගමක්..ඒත් බුදුන්ගේ ධර්මය ධර්මයක්..එක ආගමක් නෙවේ..මේක බහුජාතික,බහුආගමික රටක්..මේකේ තියෙන්නේ ඕනේ සහෝදරත්වය..පංගු පේරුව නෙවෙයි..මොළ පාවිච්චි කරලා වැඩ කරපල්ලා...වැරද්දක් කියවුනානම් සමාවෙයල්ලා....

Friday, February 10, 2012

ටිකෙන් ටික..(සිංදුව නෙවෙයි)

ගයාන් පෙරේරාගේ ටිකෙන් ටික ගීතය මෑත කාලයේදී ගොඩක් කතාබහට ලක් වුන එක හරහා තමයි මම මේක ලියන්න පෙළඹෙන්නේ..හුඟක් අය කියන්න ගත්තා මේක බුදු දහමට නිගා කරන්න හදපු එකක් කියලා.මොකද්ද මදුසමයක කතාවකුත් මේකට ඈඳල තිබ්බා..මමනම් ඒ ගීතය දකින්නේ අපුරු සුසංයෝගයක් මිස වෙන කිසිම දෙයක් හැටියට නෙවෙයි..මම කතා කරන්නේ මේක ගැන නෙවෙයි,මේ මම ලබාගත්තේ ප්‍රවේශයක් විතරයි..ඒ කියන්නේ ඒ හරහා කරලියට පැමිණි බුදුදහමට ආදරය කරන පිරිසගේ හදවත් එක්ක පොඩ්ඩක් ඔට්ටු වෙන්න..
මුලින්ම කියන්න ඕනේ මාත් බෞද්ධයෙක්..හැබැයි අන්තවාදියෙක් නෙවෙයි.මම යම්කිසි ප්‍රතිපත්ති මාලාවකට අනුව හැම ආගමකටම ගරු කරන මගේ විදියට ජිවත් වෙන මිනිහෙක්..මේ ගීතයට විරුද්ධ වුන සහ බුදුදහම රැකගන්න කියමින් සයිබර් අවකාශයේ ඔට්ටු වෙන මහත්තුරුන්ගෙන් අහන්නේ..,

  • තමුන් කිසිම මසක් කන්නේ නැද්ද??
  • අරක්කු සිගරට් පාවිච්චි කරන්නේ නැද්ද??
  • අහිංසක සතෙක්ට කවදාවත්ම ගලක් විසික් කරලා ගහල නැද්ද??
  • හැම පෝයකටම පන්සල් යනවද??
  • වැඩිහිටියන්ට ගරු නම්බු දීලා කතා කරනවද??
  • තමන්ගේ අම්මා තාත්තට සලකනවද??
  • උදේට හවසට ගෙදර පහන පත්තු කරනවද??
මේ මූලික දේවල්..මේ දේවල්වලින් එකක් හෝ කරන්නේ නැත්නම් බොරුවට චරිත වෙන්න දඟලන්න එපා.අපි ඇත්ත කතා කරමු..
මම මේ වෙන ආගමක් ලොකු කරනවා කියල හිතන්න එපා,ඒත් අපේ මුස්ලිම් සහෝදරයෝ අනිවාර්යෙන් සිකුරාදා හවසට පල්ලි යනවා,හවසට තමන්ගේ ආගම සිහි කරනවා,නෝම්බි කාලෙට කෙල පොදක් ගිලින්නේ නෑ.ක්‍රිස්තියානි,කතෝලික සහෝදරයෝ හැම ඉරිදාම පල්ලි යනවා,කන්න කලින් යාඥා කරනවා.ඒ තමන්ගේ දහමට අනුව ප්‍රතිපත්තිගරුක වීම.ඒ අයට ඕනෙනම් ඒ දේවල් නොකර ඉන්න කාගෙන්වත් තහනමක් නෑනේ..බෞද්ධ අපි ඒ වගේ ප්‍රතිපත්ති රකිනවද??මම අහන්නේ බහුතරය..මොකද මම කලින් කිව්වා සහෝදරයින්ගේ බහුතරය ඒ දේ කරනවා..අපෙත් ඒ බහුතරය ඒ දේ කරනවානම් අපිට බුදුදහම රැකගන්න මෙච්චර ඔට්ටු වෙන්න ඕනේ වෙන්නේ නෑ..
බුදුන් දේශනා කල විදියටම ආමිස පූජාවට වඩා වටින්නේ ප්‍රතිපත්ති පූජාව..ඒක ප්‍රායෝගිකයි සහ ප්‍රථිපල දායකයි..අලුතෙන් බුදුදහමට එකතු වෙන විදේශිකයින් ඒ දේ අකුරට කරනවා..ඔවුන් ලබන්නේ අධ්‍යාත්මික දියුණුවක්..ඒත් බුදුන්ගේ දේශයේ අපි??ඒක නහර පුප්පගෙන කෑ ගහලා හෝ යතුරුලියන හරහා කී බෝඩ් වීරයන් වීමෙන් ලබාගන්න බැරි දෙයක්..
මුලින්ම හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න..ඒක හැම ආගමකම සහෝදරයන්ට පොදුයි..අනික ඔය මහත්තුරු කාට කාටත් අමතක ඇති බුදු දහම ආගමක් නෙවෙයි,ධර්මයක්..ඒක අදහන්න ඕනේ දෙයක් නෙවෙයි..කලයුත්තේ ප්‍රතිපත්තිගරුකව පිළිපැදීමයි..මොකද අතීත බුද්ධකාලීන සමාජයත් එක්ක දැන් සමාජය පටලගෙන වැඩ කරන්න බෑ..ඒක නිසා යම් යම් වෙනස්වීම් සිදුවිය යුතුයි..ඒ වගේම ඒක පුද්ගල ආකල්ප හරහා සමාජයීය ආකල්පයක් වෙලා ලෝකයට ආදර්ශයක් වෙන විදියට පෙන්නුවොත් වඩා ප්‍රථිපලදායක වෙයි..මොකද අපිට රට්ටු හදන්න බෑ..මුලින්ම අපි හැදෙන්න ඕනේ..අවවාදයට වඩා ආදර්ශය උතුම්නේ නේද මහත්තයෝ??මොකද දැන් කරගෙන යන විදියට රට්ටු හිනස්සන එකෙන් වෙන්නේ අයහපතක්ම මිසක් හොඳක් නෙවෙයි නිසා..!!!
ඉතින් සෑහෙන ගැම්මකින් බුදුදහම රැකගන්න මහන්සි වෙන මහත්තුරුන්ට මේ ටික ඇති වෙයි..ඕනෙනම් තව කතා කරමු..ඒත් අන්තවාදිත්වයෙන් බැහැරව,විවෘත මනසකින්..ඇත්ත කතා කරනවනම්..
නැත්නම් ටිකෙන් ටික , ටිකෙන් ටික නැති වෙන්නේ ගයාන් පෙරේරාවත්,සුනිල් පෙරේරාවත් මමවත් ඔබවත් නෙවෙයි....අති නිර්මල බුදුදහම...!!

Sunday, January 15, 2012

කුහකයන්ගේ දේශය හෙවත් ලංකාව

අපි හැමෝම අහල තියනවා ඔස්ට්‍රේලියාව කැන්ගරුවන්ගේ දේශය,නවසීලන්තය කිවීන්ගේ දේශය ඔය වගේ එක එක දේශ..මේ දේශ අතරට අලුතෙන්ම එකතු වෙන දේශය තමයි ලංකාව.ශ්‍රී ලංකාව.එහෙමත් නැත්නම් කුහකයන්ගේ දේශය.තමන් ඉපදුන රටටම මෙහෙම කියන්නේ ඇයි කියල දැන් හැමෝම අහයි.හැබැයි ඒ අහන අයගෙත් හිතට අවංකව ඒ අය කතා කරොත් කවදම හරි දවසක තමන්ගේම කටින් කියවිලා ඇති මුන්නම් මහා කුහකයෝ කියන කතාව..
මේක මට කියන්න හිතුනේ මේ ලඟදි මේ මෑතකදී සිද්ධ වෙන දේවල් කිහිපයක් දැක්කමයි.එකක් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය.ඊළඟට අධි වේගී මාර්ගය..තව තව දේවල් මතක් වෙයි ලියාගෙන යද්දී..බලමුකෝ..රටේ ලොකුම තැන සිට පොඩිම තැන දක්වා බහුතරයක් කුහකයන්ය.වෙන එකෙක්ගේ දියුණුවක්,රටේ දියුණුවක් පෙන්නන්නට බැරිය.රටේ දියුණුව පෙන්නන්නට බැරි උන්ට ඒක කරගන්නට බැරි වූ නිසාය.
මුලින්ම විශ්ව විද්‍යාල පද්ධතිය ගත්තොත් ජ'පුරේ ඇතිවෙන ප්‍රශ්න සහ රජරට ඇතිවෙන ප්‍රශ්න යම්දුරකට කුහකත්වයෙන් තොරය.ඒත් මෑතදී ගාල්ලේ සහ මාතර ඇති වූ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව පැවැත්වුණු උද්ගෝෂණ නම් අමුම අමු කුහකත්වයේ ප්‍රතිපලය.මේවා කරන්නේ අපේම යාළුවන් වුවද මේවා නොකියාම බැරිය.මොවුන් උද්ගෝෂණය කරන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියාය.ඒ කියන්නේ තවත් පිරිසකට ඉගෙනගන්නට දෙන්නට එපා කියන්නය.ඉගෙනීම කාගෙවත් බුදලයක් නොවේය.එය අපි හැමෝගෙමය.අපි අවුරුදු 13ක්ම නොමිලයේ ඉගෙනගන්නෙමු.පසුව ඉන් යම් ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයන්ට ඇතුළු වී තවත් අවුරුදු 4ක් හෝ 5ක් නොමිලයේ ඉගෙනගනී.නමුත් යම් හෝ හේතුවක් නිසා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නොහැකි වුවත් තමන්ට යම් විෂයක් ඉගෙනීමට හැකියාවක් ඇති බව දන්නා පිරිස් හට යාමට මගක් තිබිය යුතුය.ඉතින් ඔවුන් ඒ දේ ඉගෙනගැනීමේ ඇති වැරැද්ද මොකද්ද??
මෙතැනදී රජයේ විශ්වවිද්‍යාලයන්ට කිසිදු අසාධාරණයක් වන්නේ නැත.තරඟකාරීත්වය කොහෙත් තියෙන්නේය.එයට මූණ නොදී එයට බිය වී පිස්සු නැටීම කුහකත්වය නොවේනම් වෙන මොකක්ද??ඒ බව ඔවුන් පැහැදිලිව දැන දැනත් මෙයට විරුද්ධ වන්නේ කුහකත්වය නිසා නොවේනම් වෙන කුමක් නිසාද?ඔවුන් රට ගිහින් ඉගෙන ගෙන එන්න එපායැයි උද්ගෝෂණ කරන්නේ නැත.ඒවා උන්ට හෙන ලොකුය.කියන්නේ "අපෝ එයා අබ්‍රෝඩ් ගිහින් ඩිග්‍රීඑක කම්ප්ලීට් කරලා ආවේ " කියලය..පුද්ගලික විශ්වවිද්‍යාල ඇති වූ පසු එවල උගන්නන්නේද එකම ගුරුවරුය.එකම සිලබස්ය.ඉගැන්වීම් ක්‍රමවේද සහ ගුරු සිසු සම්බන්ධතා වල යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්.තවද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන පිරිස් හට තමන්ගේ අධ්‍යාපන මට්ටම ගැන තමන්ගේ මොළය ගැන විශ්වාසනම් මේවට බය වන්නට ඕනේ නැත.මම දන්නා හැටියට ඉසර කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කිව්වේ සහෝදරත්වය හඳුනන සැහෙන දැනුවත් පිරිසක් හැටියටයි.තමන් ඔය විරුද්ධ වෙන්නේ තවත් තමුන් වගේම ළමයෙක් ඉගෙනගන්නවට කියන එකත් අමතක කරන්න එපා. තමන් ඔය විරුද්ධ වෙන දේම කවදාක හරි තමන්ගේ සහෝදරයට ඕනේ වෙයි,තමන්ගේ දරුවට ඕනේ වෙයි.එදාට කන්නාඩිය ඉස්සරහට ගිහින් තැනගේ මූණටම හිනාවෙන්න.ලැජ්ජාවක් හිතුනොත් ඕනෙනං කෙල පාරකුත් ගහගන්න. ඔය කෑගහන අයියල අක්කල නංගිලා මල්ලිලා මාමල නන්දලාගෙන් එකක් අහන්නම්..කවද හරි ඔබතුමන්ලා තුමීලා දොස්තරවරු වෙනවනේ..අන්න එදාට රජයේ බෙහෙත් ඇරෙන්න පුද්ගලික කොම්පැනි කාරයොන්ගේ බෙහෙත් නිර්දේශ නොකරන බවටත්,තමන් ප්‍රයිවට් චැනලින් නොකරන බවටත් සහතිකයක් දෙන්න පුලුවන්ද??මොකද වෙදකම කියන්නේ විකුණගෙන කන දෙයක් නෙවේ නිසා.. තමන්ගේ කුහකත්වය තිබුනට කමක් නෑ..පෙන්නන්න එපා..එක විලිලජ්ජා සහගතයි.මීටපස්සේ තමන්ගේ කුහකකම් උදෙසා උද්ගෝෂණය කරනවානම් රෙදි නැතුව යන්න..තව දෙයක්,බලපෑම්වලට බයේ අහිංසක අම්ම තාත්තගෙත් දරුවෝ ඕවට සහභාගී වෙනවා..ඒවල ශාපෙත් වදින්නේ ඔය කුහක හැත්තටම මිසක් වෙන කාටවත් නෙවේ..පරිස්සමෙන්..හෙන ගහයි..
ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය.මේක කියන්න හිතුනේ මේ ළඟක ඉඳල අධිවේගී මාර්ගේ වාහනවලට ගල් ගහන කුහකයෝ පිරිසක් නිසා.මේ වගේ දේවල් සිද්ධ වන්න සරලම හේතුව මම කියන්නම්.ඉස්සරම ඔය අධිවේගී මාර්ගය හැදෙන කතාව කනින් කොනින් ඇවිල්ල ඕක ස්ථිර උනාම එක්තරා පිරිසක් සතුටෙන් ඉපිල ගියා.ඒ ඔය මාර්ගය දෙපස හිටපු පිරිස.එයාල හිතුවේ මේක දෙපැත්තේ මාල වළලු බෝල සාරවිට බුලත් බෙලිමල් කඩ ටිකක් දාගෙන අතට කීයක් හරි හොයාගන්න.ඉතින් අධිවේගේ විවෘත උනාට පස්සේ තමයි මේ හදාගත්තු සිහින මාලිගා එක එක කඩාගෙන වැටුනේ.ඔවුන් දැන් චෝදනා කරනවා පාරෙන් එහා පැත්තේ කුඹුරට යන්න බස් එකේ යන්න ඕනලු.මේවත් ඔක්කොම එලියට අවේ අර සිහින මාලිගා කඩාවැටීමේ ප්‍රතිපල විදියට.මොකද තමන්ගේ ඉඩම් දුන්නේ පුදුම ආඩම්බරෙකින්.ඒ ගැන කතා කරෙත් පුදුම ආඩම්බරෙන්.පපුව පුම්බගෙන කිව්වේ " අපේ ඉඩම් අධිවේගේට යනවා " කියල.ඒ ඉඩම්වලට හම්බෙන වන්දියයි පස්සේ බෝල වළලු කැඩෙන ලැබෙන අදායමයි හිතල.ඒත් ඒ හීන වැටුනම ඔවුන් අන්ත කුහකයෝ උනා.මොනම වැරද්දක්වත් නැති අහිංසක මිනිස්සුන්ගේ වාහනවලට ගල් ගහන්න පටන් ගත්තා.පාර දෙපැත්තේ ආරක්‍ෂිත වැටවල් කපලා බල්ලෝ පාරට දැම්මා.හැබැයි අධිවේගේ හදද්දී දීපු පොරොන්දු කීපයක් එක හදපු කට්ටියත් මග ඇරලා තියනවා..අහල පහල මිනිස්සුන්ගේ ඉඩම්වලට දාපු කුණු එනම මනං සුද්ධ කරලා දෙනවා වගේ දේවල්..අන්න ඒ දේවල් නිසා මේ කුහකත්වයට පොඩී සමාවක් දෙන්න පුළුවන්.හැබැයි අහිංසක මිනිස්සුන්ගෙන් ගල් ගහලා  පළි ගන්න එකටනම් අමුම අමු කුහකත්වය කියනවා  ඇරෙන්න වෙනත් දෙයක් නෑ..මේ ගත්තේ ආසන්නතම උදාහරණ දෙකක්.මේ වගේ තවත් අනන්ත දේවල් තියනවා.ඒවා කරන මිනිස්සු ගැන දුකයි.
තවත් දෙයක්,අලුත් බස් එකක්,පේන්ට් කරපු බිත්තියක් පෙන්නන්න බෑ.බිත්තියේ පෝස්ටරයක් ගහයි,බස් එකේ සීට් ඉරයි.හොඳට අතුගාල තියන පාරක් දැක්කොත් අලි කෙල තැම්බක් ගහල හප හප ඉන්න බබල්ගම් ඒකත් පාරේ දාල යනවා.මේවානම් අධි කුහකත්වය නිසා එන මානසික රෝග.කවුරුවත් ලස්සනට ඉන්නවා,තැනක් ලස්සනට තියනවා දකින්න බැරි කම.
ඒ එක්කම මතකයට එනවා තවත් පොඩි දෙයක්.මේකනම් අර සුපර් ස්ටාර් තරගේ හිටපු ශිහාන් මිහිරංග ගැන.හැමෝටම මතක ඇති ඒ කාලේ ශිහාන්ට මරණ පෝස්ටර් ගැහුවා.ෂෝ වලට ගියාම හු කිව්වා,ගැහුවා,එක එක නොන්ඩි වීඩියෝ හදල දැම්ම.අන්තිමේදී ඒ විදියට කොන්ඩේ වවල,ඇහිබැම කපල උගේ සින්දු රින්ගින්ග් ටෝන් වලට දාගත්තා..එක කිව්වේ කවදා හරි කුහකත්වය පරදිනවා කියන්න..ඒත් කුහකත්වය නැති වෙන්නේ නෑ..මොකද මේක සදාකාලික කුහකයන්ගේ දේශය නිසා..


පුලුවන්නම් කුහකකම අතාරින්න බලන්න.මොකද මැරෙන්න ගියාම මතක් වෙන්නේ තමන් කරපු කුහක කම්.එතකොට පරක්කු වැඩියි.මේක ආසියාවේ ආශ්චර්යය කරන්න බැරි වෙයි..ඒත් පුලුවන්නම් ආයිත් ඉන්දියන් සාගරේ මුතු ඇටේ කරමු...!!



Thursday, January 12, 2012

41ට ඔක්කොම ගියේ ඇයි??


ලංකාව ඊයේ ලකුණු 41කට ඔක්කොම අවුට් උනා..හැමෝටම හිතුන දෙයක් තමයි ඇයි මෙහෙම උනේ කියලා.මොකද ලංකාවේ බහුතරයක් ආදරයෙන් වැළඳගෙන බලන ක්‍රීඩාව තමයි ක්‍රිකට්.ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් උනාට වැඩිහරියක් ගහන්නේ ක්‍රිකට්.වැඩිහරියක් බලන්නේ ක්‍රිකට්.ඉතිං අර වගේ දෙයක් දැක්කම හැමෝටම හරියට දුක හිතෙනවා.එහෙම උනේ ඇයි කියල මට හිතෙන හැටියි මේ..

ලංකාව මේ විදියට පරාජිත රැල්ලක් පටන් ගත්තේ පහුගිය ලෝක කුසලාන අවසාන මහා තරගෙන් පස්සෙයි.හරියටම කිව්වොත් ඩිල්ශාන් නායකත්වයට පත් උනාට පස්සෙයි.ලෝකේ ඕනෑම ක්‍රීඩාවකට පොදු උන දේවල් කිහිපයක් තියනවා.මෙන්න මේ වගේ:- 
  • තමන්ගේ ප්‍රතිවාදියා හොඳින් අධ්‍යනය කිරීම
  • ප්‍රතිවාදියාගේ දුර්වලතා හඳුනා ගැනීම.
  • ඒ දුර්වලතා එල්ල කර පහර එල්ල කිරීම.
  • ක්‍රිකට්වලනම් line and length පන්දු යැවීම.(නියමිත් එල්ලයට තැනට පන්දු යැවීම)
මෙන්න මේ සරල න්‍යාය ඕනෑම ක්‍රීඩකයෙක් අනුගමනය කරනවා.(ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම හැර) මේක කියවන අය ක්‍රිකට් ලෝලියෝනම් පොඩ්ඩක් ලංකාවේ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම අධ්‍යනය කරලා බලන්න.වාස් සහ මුරලිගෙන් පස්සේ තවම එකම එක ක්‍රීඩකයෙක්වත් ලංකාවේ බිහි උනේ නෑ ප්‍රතිවාදියාගේ දුර්වලතා ඉලක්ක කරලා පන්දු යවන්නෙක්.ඒක මම වගකීමෙන් කියනවා. තරමකට හෝ සාර්ථක මාලිංග තමන්ගේ සාර්ථකත්වය රඳවා ගන්නේ තමන්ගේ පන්දුවල තියෙන විවිධත්වය මත මිසක්,අර මම කියපු සරල න්‍යායෙන් නෙවෙයි.ඊළඟට අර මම කියපු නියමිත එල්ලයට පන්දු යවන්නේ මැතිව්ස් පමණයි.සමහර වෙලාවට තිසර පෙරේරා නියමිත් එල්ලය රඳවාගන්නවා.ඒ ඇරෙන්න වෙන කිසිම ක්‍රීඩකයෙක් ඔය සරල පොදු දේට අනුගතව පන්දු යවන්නේ නෑ.හැබැයි මේකට පන්දු යවන්නා විතරක් නෙවෙයි,කණ්ඩායමේ නායකයා සහ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයිනුත් වගකිව යුතුයි.හැබැයි අපි එක්තරා කාලයකදී දැක්කා සංගක්කාර සහ මහේල කියන දෙන්නම පන්දු යවන්නන් ලඟට ඇවිත් ප්‍රතිවාදී පිලේ පිතිකරුවන්ගේ දුර්වලතා පෙන්නලා ඒවයෙන් කඩුලු ලබාගන්නවා.ඒත් අපි දැන් ඒ දේ ඒ දෙන්නගෙන් දකින්නේ නෑ.ඩිල්ෂාන්ටනම් එච්චර දෙයක් කරන්න මොලයක් නෑ කියන ඒක එයා ඔප්පු කරලා ඉවරයි.ඒ ගැන කතා කිරීමත් නිෂ්ඵලයි.

දෙවනුව පන්දුවට පහර දීම එහෙම නැත්නම් පිතිකරණය.මෙතැනදී අපේ අය අසාර්ථක වෙන්නේ අර සරල න්‍යාය ප්‍රතිවාදී පිල අනුගමනය කිරීම නිසයි.ලංකාව ක්‍රීඩා කරන හැම තරඟයකදීම අපේ පිතිකරුවන් දැවී යන්නේ එකම විදියකට නේද කියන ඒක පොඩ්ඩක් කල්පනා කරොත් මතක් වේවි.ඩිල්ෂාන්,සංගක්කාර,මහේල කියන මේ අපේ පිතිකරණයේ කොඳු නාරටිය ගොඩක් වෙලාවට දැවී යන්නේ එකම ආකාරයකට.එහෙම වෙන්නේ ප්‍රතිවාදීන් ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන පන්දු යැවීම නිසයි.ලංකාව ක්‍රීඩාකරන හුඟක් තරඟවල ප්‍රතිවාදී පන්දු යවන්නන් විකට්ටුව වෙතට පන්දුව යොමු කරනවා අඩුයි කියල හොඳින් බැලුවොත් තේරෙයි.මොකද ඔවුන් දන්නවා අපේ අය අහක යන නයි අස්සේ දාගන්න හරි දස්සයි කියලා.

ඊළඟට කණ්ඩායම තුල ගන්න වූ මෝඩ තීරණ.ඊයේ තරඟය දිහා බැලුවොත් ලකුණු 4කට කඩුලු දෙකක් දැවී ගිය වෙලාවේ ඒ වගේම ඒ පිතිකරුවන් දෙන්නම ලකුණු 0ට ගිය වෙලාවක චන්දිමාල් වගේ අත්දැකීම් අඩු ක්‍රීඩකයෙක් එවනවා පන්දුවට පහර දෙන්න.ඊයේ තරඟයේ දැකපු මෝඩම තීරණයක් ඒක.ඒ වෙලාවට එන්න ඕනේ පීඩනයක් තුල ක්‍රීඩාකරන්න පුළුවන් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් මිසක් ඒ වගේ ක්‍රීඩකයෙක් නෙවේ.මේ දේවල් හරහා ඒ තරුණ ක්‍රීඩකයන්ට තවත් අමතර පීඩනයක් එල්ල වෙනවා මිසක් ඔවුන්ට අත්දැකීමක් ලැබෙන්නේ නෑ.ඊළඟට දිල්හාර ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයින් කණ්ඩායම තුල රඳවාගැනීම.ලෝකේ ක්‍රිකට් ගහන හැම රටකම දැන් ඉන්නේ තුන්ඉරියව් ක්‍රීඩකයින්.(ලංකාවේ හැර)කඩුලු 8ක් වැටුන වෙලාවක උනත් තමන්ගේ අන්තය රැකගෙන පහර දෙන්න ඒ ක්‍රීඩකයෝ දක්ෂයි.ඒ වගේම ඒ රටවල්වල පන්දු යවන්නන් තමන් පිටියට එන්නේ අවසාන පිතිකරුවා වශයෙන් උනත් කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන්න උත්සහ කරනවා.සරලම උදාහරණ ඉන්දියාවේ සහීර් ඛාන්,අශ්වින්,පාකිස්තානයේ උමාර් ගුල්,ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්,බ්‍රෙට් ලී,නවසීලන්තේ ෆ්‍රැන්ක්ලින්,මැකලම්. තව ඕනේ තරම් ඉන්නවා. ඒත් ලංකාවේ මේ විදියට ඉඳල හිටලා හෝ ඒ වගේ දායකත්වයක් ලබාදෙන්නේ මාලිංග සහ කුලසේකර විතරයි.සරලවම කිව්වොත් දිල්හාර ප්‍රනාන්දුට පන්දු රකින්නත් බෑ,පහර දෙන්නත් බෑ.ඉතිං ඒ වගේ ක්‍රීඩකයෙක් පන්දු යැවීමත් හරියට නොකලොත් ඊට වඩා හොඳයි පිට්ටනියේ හොඳ පෝච්චි දෙහි ගහක් තියල තියනවා.ඒකෙ වැදිලා බෝල හරි නවතිනවනේ.

මේ ලිව්වේ ක්‍රීඩා ලෝලියෙක්ගේ හදවතින් එන දේවල්.ඒ වගේම තරමක ක්‍රිකට් ගැන දැනීමක් තියන කෙනෙක් හැටියට.
තමන්ගේ රටේ විවිධ අර්බුධ තිබුන රටවල් හැරෙන්න වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් මේ තරම් පහල අඩියකට වැටුනේ නෑ..අපි නැගිටිමු.පුලුවන්නම් මේ වැරදි හදාගමු.නැත්නම් කියන්න වෙන්නේ දුකෙන් උනත් ඔබ ගැන තියෙන බලාපොරොත්තු අත අරිනවා.

සරලවම තම තමන්ගේ උදුම්මවාගත් ඔළුවල ඉදිමුම බස්සගමු,නවකයන් අත්හදා බලමු,දෙයියෝ උපතින් දීපු මොලේ පාවිච්චි කරමු.අපිට බැරි වෙන එකක් නෑ..!!