About Me

My photo
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??

Wednesday, July 11, 2012

රූමා....

ලස්සනම එක මිටියාවතක
පඬු පැහැති ඉර එලිය මැද..
සිලි සිලියේ ගී කියන
අතු අගිසි සිපමින් එන..
මැද නලෙහි නැලවෙමින් 
සියොතුන්ගේ මග යමින..
සුරලියක මුමුණන
ගී පදත් අහගෙනම..
අතින් අත පටලගෙන
නිල්ල දිග පියනගන..
කැළඹුනා එක්වරම
සිත්තමම අකුරු කල..


නැගිටහන් තේ බොන්න
හොල්ලනවා ඇඳ විට්ටම..
අනේ මගේ හීන පොඩ්ඩ
රූමා උඹ කෑවා නේද...???

2 comments:

  1. මට නම් මේ හැගීම ගොඩක් සංවේදියි************මොකද මේ ජිවිතේ මම ගෙවල තියන තවමත් ගෙවන හින්දා ජය

    ReplyDelete
  2. ඒක ගොඩක් උන්ට තියනවා මචං..

    ReplyDelete