About Me

My photo
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??

Sunday, January 15, 2012

කුහකයන්ගේ දේශය හෙවත් ලංකාව

අපි හැමෝම අහල තියනවා ඔස්ට්‍රේලියාව කැන්ගරුවන්ගේ දේශය,නවසීලන්තය කිවීන්ගේ දේශය ඔය වගේ එක එක දේශ..මේ දේශ අතරට අලුතෙන්ම එකතු වෙන දේශය තමයි ලංකාව.ශ්‍රී ලංකාව.එහෙමත් නැත්නම් කුහකයන්ගේ දේශය.තමන් ඉපදුන රටටම මෙහෙම කියන්නේ ඇයි කියල දැන් හැමෝම අහයි.හැබැයි ඒ අහන අයගෙත් හිතට අවංකව ඒ අය කතා කරොත් කවදම හරි දවසක තමන්ගේම කටින් කියවිලා ඇති මුන්නම් මහා කුහකයෝ කියන කතාව..
මේක මට කියන්න හිතුනේ මේ ලඟදි මේ මෑතකදී සිද්ධ වෙන දේවල් කිහිපයක් දැක්කමයි.එකක් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය.ඊළඟට අධි වේගී මාර්ගය..තව තව දේවල් මතක් වෙයි ලියාගෙන යද්දී..බලමුකෝ..රටේ ලොකුම තැන සිට පොඩිම තැන දක්වා බහුතරයක් කුහකයන්ය.වෙන එකෙක්ගේ දියුණුවක්,රටේ දියුණුවක් පෙන්නන්නට බැරිය.රටේ දියුණුව පෙන්නන්නට බැරි උන්ට ඒක කරගන්නට බැරි වූ නිසාය.
මුලින්ම විශ්ව විද්‍යාල පද්ධතිය ගත්තොත් ජ'පුරේ ඇතිවෙන ප්‍රශ්න සහ රජරට ඇතිවෙන ප්‍රශ්න යම්දුරකට කුහකත්වයෙන් තොරය.ඒත් මෑතදී ගාල්ලේ සහ මාතර ඇති වූ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව පැවැත්වුණු උද්ගෝෂණ නම් අමුම අමු කුහකත්වයේ ප්‍රතිපලය.මේවා කරන්නේ අපේම යාළුවන් වුවද මේවා නොකියාම බැරිය.මොවුන් උද්ගෝෂණය කරන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියාය.ඒ කියන්නේ තවත් පිරිසකට ඉගෙනගන්නට දෙන්නට එපා කියන්නය.ඉගෙනීම කාගෙවත් බුදලයක් නොවේය.එය අපි හැමෝගෙමය.අපි අවුරුදු 13ක්ම නොමිලයේ ඉගෙනගන්නෙමු.පසුව ඉන් යම් ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයන්ට ඇතුළු වී තවත් අවුරුදු 4ක් හෝ 5ක් නොමිලයේ ඉගෙනගනී.නමුත් යම් හෝ හේතුවක් නිසා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නොහැකි වුවත් තමන්ට යම් විෂයක් ඉගෙනීමට හැකියාවක් ඇති බව දන්නා පිරිස් හට යාමට මගක් තිබිය යුතුය.ඉතින් ඔවුන් ඒ දේ ඉගෙනගැනීමේ ඇති වැරැද්ද මොකද්ද??
මෙතැනදී රජයේ විශ්වවිද්‍යාලයන්ට කිසිදු අසාධාරණයක් වන්නේ නැත.තරඟකාරීත්වය කොහෙත් තියෙන්නේය.එයට මූණ නොදී එයට බිය වී පිස්සු නැටීම කුහකත්වය නොවේනම් වෙන මොකක්ද??ඒ බව ඔවුන් පැහැදිලිව දැන දැනත් මෙයට විරුද්ධ වන්නේ කුහකත්වය නිසා නොවේනම් වෙන කුමක් නිසාද?ඔවුන් රට ගිහින් ඉගෙන ගෙන එන්න එපායැයි උද්ගෝෂණ කරන්නේ නැත.ඒවා උන්ට හෙන ලොකුය.කියන්නේ "අපෝ එයා අබ්‍රෝඩ් ගිහින් ඩිග්‍රීඑක කම්ප්ලීට් කරලා ආවේ " කියලය..පුද්ගලික විශ්වවිද්‍යාල ඇති වූ පසු එවල උගන්නන්නේද එකම ගුරුවරුය.එකම සිලබස්ය.ඉගැන්වීම් ක්‍රමවේද සහ ගුරු සිසු සම්බන්ධතා වල යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්.තවද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන පිරිස් හට තමන්ගේ අධ්‍යාපන මට්ටම ගැන තමන්ගේ මොළය ගැන විශ්වාසනම් මේවට බය වන්නට ඕනේ නැත.මම දන්නා හැටියට ඉසර කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කිව්වේ සහෝදරත්වය හඳුනන සැහෙන දැනුවත් පිරිසක් හැටියටයි.තමන් ඔය විරුද්ධ වෙන්නේ තවත් තමුන් වගේම ළමයෙක් ඉගෙනගන්නවට කියන එකත් අමතක කරන්න එපා. තමන් ඔය විරුද්ධ වෙන දේම කවදාක හරි තමන්ගේ සහෝදරයට ඕනේ වෙයි,තමන්ගේ දරුවට ඕනේ වෙයි.එදාට කන්නාඩිය ඉස්සරහට ගිහින් තැනගේ මූණටම හිනාවෙන්න.ලැජ්ජාවක් හිතුනොත් ඕනෙනං කෙල පාරකුත් ගහගන්න. ඔය කෑගහන අයියල අක්කල නංගිලා මල්ලිලා මාමල නන්දලාගෙන් එකක් අහන්නම්..කවද හරි ඔබතුමන්ලා තුමීලා දොස්තරවරු වෙනවනේ..අන්න එදාට රජයේ බෙහෙත් ඇරෙන්න පුද්ගලික කොම්පැනි කාරයොන්ගේ බෙහෙත් නිර්දේශ නොකරන බවටත්,තමන් ප්‍රයිවට් චැනලින් නොකරන බවටත් සහතිකයක් දෙන්න පුලුවන්ද??මොකද වෙදකම කියන්නේ විකුණගෙන කන දෙයක් නෙවේ නිසා.. තමන්ගේ කුහකත්වය තිබුනට කමක් නෑ..පෙන්නන්න එපා..එක විලිලජ්ජා සහගතයි.මීටපස්සේ තමන්ගේ කුහකකම් උදෙසා උද්ගෝෂණය කරනවානම් රෙදි නැතුව යන්න..තව දෙයක්,බලපෑම්වලට බයේ අහිංසක අම්ම තාත්තගෙත් දරුවෝ ඕවට සහභාගී වෙනවා..ඒවල ශාපෙත් වදින්නේ ඔය කුහක හැත්තටම මිසක් වෙන කාටවත් නෙවේ..පරිස්සමෙන්..හෙන ගහයි..
ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය.මේක කියන්න හිතුනේ මේ ළඟක ඉඳල අධිවේගී මාර්ගේ වාහනවලට ගල් ගහන කුහකයෝ පිරිසක් නිසා.මේ වගේ දේවල් සිද්ධ වන්න සරලම හේතුව මම කියන්නම්.ඉස්සරම ඔය අධිවේගී මාර්ගය හැදෙන කතාව කනින් කොනින් ඇවිල්ල ඕක ස්ථිර උනාම එක්තරා පිරිසක් සතුටෙන් ඉපිල ගියා.ඒ ඔය මාර්ගය දෙපස හිටපු පිරිස.එයාල හිතුවේ මේක දෙපැත්තේ මාල වළලු බෝල සාරවිට බුලත් බෙලිමල් කඩ ටිකක් දාගෙන අතට කීයක් හරි හොයාගන්න.ඉතින් අධිවේගේ විවෘත උනාට පස්සේ තමයි මේ හදාගත්තු සිහින මාලිගා එක එක කඩාගෙන වැටුනේ.ඔවුන් දැන් චෝදනා කරනවා පාරෙන් එහා පැත්තේ කුඹුරට යන්න බස් එකේ යන්න ඕනලු.මේවත් ඔක්කොම එලියට අවේ අර සිහින මාලිගා කඩාවැටීමේ ප්‍රතිපල විදියට.මොකද තමන්ගේ ඉඩම් දුන්නේ පුදුම ආඩම්බරෙකින්.ඒ ගැන කතා කරෙත් පුදුම ආඩම්බරෙන්.පපුව පුම්බගෙන කිව්වේ " අපේ ඉඩම් අධිවේගේට යනවා " කියල.ඒ ඉඩම්වලට හම්බෙන වන්දියයි පස්සේ බෝල වළලු කැඩෙන ලැබෙන අදායමයි හිතල.ඒත් ඒ හීන වැටුනම ඔවුන් අන්ත කුහකයෝ උනා.මොනම වැරද්දක්වත් නැති අහිංසක මිනිස්සුන්ගේ වාහනවලට ගල් ගහන්න පටන් ගත්තා.පාර දෙපැත්තේ ආරක්‍ෂිත වැටවල් කපලා බල්ලෝ පාරට දැම්මා.හැබැයි අධිවේගේ හදද්දී දීපු පොරොන්දු කීපයක් එක හදපු කට්ටියත් මග ඇරලා තියනවා..අහල පහල මිනිස්සුන්ගේ ඉඩම්වලට දාපු කුණු එනම මනං සුද්ධ කරලා දෙනවා වගේ දේවල්..අන්න ඒ දේවල් නිසා මේ කුහකත්වයට පොඩී සමාවක් දෙන්න පුළුවන්.හැබැයි අහිංසක මිනිස්සුන්ගෙන් ගල් ගහලා  පළි ගන්න එකටනම් අමුම අමු කුහකත්වය කියනවා  ඇරෙන්න වෙනත් දෙයක් නෑ..මේ ගත්තේ ආසන්නතම උදාහරණ දෙකක්.මේ වගේ තවත් අනන්ත දේවල් තියනවා.ඒවා කරන මිනිස්සු ගැන දුකයි.
තවත් දෙයක්,අලුත් බස් එකක්,පේන්ට් කරපු බිත්තියක් පෙන්නන්න බෑ.බිත්තියේ පෝස්ටරයක් ගහයි,බස් එකේ සීට් ඉරයි.හොඳට අතුගාල තියන පාරක් දැක්කොත් අලි කෙල තැම්බක් ගහල හප හප ඉන්න බබල්ගම් ඒකත් පාරේ දාල යනවා.මේවානම් අධි කුහකත්වය නිසා එන මානසික රෝග.කවුරුවත් ලස්සනට ඉන්නවා,තැනක් ලස්සනට තියනවා දකින්න බැරි කම.
ඒ එක්කම මතකයට එනවා තවත් පොඩි දෙයක්.මේකනම් අර සුපර් ස්ටාර් තරගේ හිටපු ශිහාන් මිහිරංග ගැන.හැමෝටම මතක ඇති ඒ කාලේ ශිහාන්ට මරණ පෝස්ටර් ගැහුවා.ෂෝ වලට ගියාම හු කිව්වා,ගැහුවා,එක එක නොන්ඩි වීඩියෝ හදල දැම්ම.අන්තිමේදී ඒ විදියට කොන්ඩේ වවල,ඇහිබැම කපල උගේ සින්දු රින්ගින්ග් ටෝන් වලට දාගත්තා..එක කිව්වේ කවදා හරි කුහකත්වය පරදිනවා කියන්න..ඒත් කුහකත්වය නැති වෙන්නේ නෑ..මොකද මේක සදාකාලික කුහකයන්ගේ දේශය නිසා..


පුලුවන්නම් කුහකකම අතාරින්න බලන්න.මොකද මැරෙන්න ගියාම මතක් වෙන්නේ තමන් කරපු කුහක කම්.එතකොට පරක්කු වැඩියි.මේක ආසියාවේ ආශ්චර්යය කරන්න බැරි වෙයි..ඒත් පුලුවන්නම් ආයිත් ඉන්දියන් සාගරේ මුතු ඇටේ කරමු...!!



Thursday, January 12, 2012

41ට ඔක්කොම ගියේ ඇයි??


ලංකාව ඊයේ ලකුණු 41කට ඔක්කොම අවුට් උනා..හැමෝටම හිතුන දෙයක් තමයි ඇයි මෙහෙම උනේ කියලා.මොකද ලංකාවේ බහුතරයක් ආදරයෙන් වැළඳගෙන බලන ක්‍රීඩාව තමයි ක්‍රිකට්.ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් උනාට වැඩිහරියක් ගහන්නේ ක්‍රිකට්.වැඩිහරියක් බලන්නේ ක්‍රිකට්.ඉතිං අර වගේ දෙයක් දැක්කම හැමෝටම හරියට දුක හිතෙනවා.එහෙම උනේ ඇයි කියල මට හිතෙන හැටියි මේ..

ලංකාව මේ විදියට පරාජිත රැල්ලක් පටන් ගත්තේ පහුගිය ලෝක කුසලාන අවසාන මහා තරගෙන් පස්සෙයි.හරියටම කිව්වොත් ඩිල්ශාන් නායකත්වයට පත් උනාට පස්සෙයි.ලෝකේ ඕනෑම ක්‍රීඩාවකට පොදු උන දේවල් කිහිපයක් තියනවා.මෙන්න මේ වගේ:- 
  • තමන්ගේ ප්‍රතිවාදියා හොඳින් අධ්‍යනය කිරීම
  • ප්‍රතිවාදියාගේ දුර්වලතා හඳුනා ගැනීම.
  • ඒ දුර්වලතා එල්ල කර පහර එල්ල කිරීම.
  • ක්‍රිකට්වලනම් line and length පන්දු යැවීම.(නියමිත් එල්ලයට තැනට පන්දු යැවීම)
මෙන්න මේ සරල න්‍යාය ඕනෑම ක්‍රීඩකයෙක් අනුගමනය කරනවා.(ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම හැර) මේක කියවන අය ක්‍රිකට් ලෝලියෝනම් පොඩ්ඩක් ලංකාවේ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම අධ්‍යනය කරලා බලන්න.වාස් සහ මුරලිගෙන් පස්සේ තවම එකම එක ක්‍රීඩකයෙක්වත් ලංකාවේ බිහි උනේ නෑ ප්‍රතිවාදියාගේ දුර්වලතා ඉලක්ක කරලා පන්දු යවන්නෙක්.ඒක මම වගකීමෙන් කියනවා. තරමකට හෝ සාර්ථක මාලිංග තමන්ගේ සාර්ථකත්වය රඳවා ගන්නේ තමන්ගේ පන්දුවල තියෙන විවිධත්වය මත මිසක්,අර මම කියපු සරල න්‍යායෙන් නෙවෙයි.ඊළඟට අර මම කියපු නියමිත එල්ලයට පන්දු යවන්නේ මැතිව්ස් පමණයි.සමහර වෙලාවට තිසර පෙරේරා නියමිත් එල්ලය රඳවාගන්නවා.ඒ ඇරෙන්න වෙන කිසිම ක්‍රීඩකයෙක් ඔය සරල පොදු දේට අනුගතව පන්දු යවන්නේ නෑ.හැබැයි මේකට පන්දු යවන්නා විතරක් නෙවෙයි,කණ්ඩායමේ නායකයා සහ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයිනුත් වගකිව යුතුයි.හැබැයි අපි එක්තරා කාලයකදී දැක්කා සංගක්කාර සහ මහේල කියන දෙන්නම පන්දු යවන්නන් ලඟට ඇවිත් ප්‍රතිවාදී පිලේ පිතිකරුවන්ගේ දුර්වලතා පෙන්නලා ඒවයෙන් කඩුලු ලබාගන්නවා.ඒත් අපි දැන් ඒ දේ ඒ දෙන්නගෙන් දකින්නේ නෑ.ඩිල්ෂාන්ටනම් එච්චර දෙයක් කරන්න මොලයක් නෑ කියන ඒක එයා ඔප්පු කරලා ඉවරයි.ඒ ගැන කතා කිරීමත් නිෂ්ඵලයි.

දෙවනුව පන්දුවට පහර දීම එහෙම නැත්නම් පිතිකරණය.මෙතැනදී අපේ අය අසාර්ථක වෙන්නේ අර සරල න්‍යාය ප්‍රතිවාදී පිල අනුගමනය කිරීම නිසයි.ලංකාව ක්‍රීඩා කරන හැම තරඟයකදීම අපේ පිතිකරුවන් දැවී යන්නේ එකම විදියකට නේද කියන ඒක පොඩ්ඩක් කල්පනා කරොත් මතක් වේවි.ඩිල්ෂාන්,සංගක්කාර,මහේල කියන මේ අපේ පිතිකරණයේ කොඳු නාරටිය ගොඩක් වෙලාවට දැවී යන්නේ එකම ආකාරයකට.එහෙම වෙන්නේ ප්‍රතිවාදීන් ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන පන්දු යැවීම නිසයි.ලංකාව ක්‍රීඩාකරන හුඟක් තරඟවල ප්‍රතිවාදී පන්දු යවන්නන් විකට්ටුව වෙතට පන්දුව යොමු කරනවා අඩුයි කියල හොඳින් බැලුවොත් තේරෙයි.මොකද ඔවුන් දන්නවා අපේ අය අහක යන නයි අස්සේ දාගන්න හරි දස්සයි කියලා.

ඊළඟට කණ්ඩායම තුල ගන්න වූ මෝඩ තීරණ.ඊයේ තරඟය දිහා බැලුවොත් ලකුණු 4කට කඩුලු දෙකක් දැවී ගිය වෙලාවේ ඒ වගේම ඒ පිතිකරුවන් දෙන්නම ලකුණු 0ට ගිය වෙලාවක චන්දිමාල් වගේ අත්දැකීම් අඩු ක්‍රීඩකයෙක් එවනවා පන්දුවට පහර දෙන්න.ඊයේ තරඟයේ දැකපු මෝඩම තීරණයක් ඒක.ඒ වෙලාවට එන්න ඕනේ පීඩනයක් තුල ක්‍රීඩාකරන්න පුළුවන් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් මිසක් ඒ වගේ ක්‍රීඩකයෙක් නෙවේ.මේ දේවල් හරහා ඒ තරුණ ක්‍රීඩකයන්ට තවත් අමතර පීඩනයක් එල්ල වෙනවා මිසක් ඔවුන්ට අත්දැකීමක් ලැබෙන්නේ නෑ.ඊළඟට දිල්හාර ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයින් කණ්ඩායම තුල රඳවාගැනීම.ලෝකේ ක්‍රිකට් ගහන හැම රටකම දැන් ඉන්නේ තුන්ඉරියව් ක්‍රීඩකයින්.(ලංකාවේ හැර)කඩුලු 8ක් වැටුන වෙලාවක උනත් තමන්ගේ අන්තය රැකගෙන පහර දෙන්න ඒ ක්‍රීඩකයෝ දක්ෂයි.ඒ වගේම ඒ රටවල්වල පන්දු යවන්නන් තමන් පිටියට එන්නේ අවසාන පිතිකරුවා වශයෙන් උනත් කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන්න උත්සහ කරනවා.සරලම උදාහරණ ඉන්දියාවේ සහීර් ඛාන්,අශ්වින්,පාකිස්තානයේ උමාර් ගුල්,ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්,බ්‍රෙට් ලී,නවසීලන්තේ ෆ්‍රැන්ක්ලින්,මැකලම්. තව ඕනේ තරම් ඉන්නවා. ඒත් ලංකාවේ මේ විදියට ඉඳල හිටලා හෝ ඒ වගේ දායකත්වයක් ලබාදෙන්නේ මාලිංග සහ කුලසේකර විතරයි.සරලවම කිව්වොත් දිල්හාර ප්‍රනාන්දුට පන්දු රකින්නත් බෑ,පහර දෙන්නත් බෑ.ඉතිං ඒ වගේ ක්‍රීඩකයෙක් පන්දු යැවීමත් හරියට නොකලොත් ඊට වඩා හොඳයි පිට්ටනියේ හොඳ පෝච්චි දෙහි ගහක් තියල තියනවා.ඒකෙ වැදිලා බෝල හරි නවතිනවනේ.

මේ ලිව්වේ ක්‍රීඩා ලෝලියෙක්ගේ හදවතින් එන දේවල්.ඒ වගේම තරමක ක්‍රිකට් ගැන දැනීමක් තියන කෙනෙක් හැටියට.
තමන්ගේ රටේ විවිධ අර්බුධ තිබුන රටවල් හැරෙන්න වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් මේ තරම් පහල අඩියකට වැටුනේ නෑ..අපි නැගිටිමු.පුලුවන්නම් මේ වැරදි හදාගමු.නැත්නම් කියන්න වෙන්නේ දුකෙන් උනත් ඔබ ගැන තියෙන බලාපොරොත්තු අත අරිනවා.

සරලවම තම තමන්ගේ උදුම්මවාගත් ඔළුවල ඉදිමුම බස්සගමු,නවකයන් අත්හදා බලමු,දෙයියෝ උපතින් දීපු මොලේ පාවිච්චි කරමු.අපිට බැරි වෙන එකක් නෑ..!!