About Me

My photo
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??

Sunday, January 15, 2012

කුහකයන්ගේ දේශය හෙවත් ලංකාව

අපි හැමෝම අහල තියනවා ඔස්ට්‍රේලියාව කැන්ගරුවන්ගේ දේශය,නවසීලන්තය කිවීන්ගේ දේශය ඔය වගේ එක එක දේශ..මේ දේශ අතරට අලුතෙන්ම එකතු වෙන දේශය තමයි ලංකාව.ශ්‍රී ලංකාව.එහෙමත් නැත්නම් කුහකයන්ගේ දේශය.තමන් ඉපදුන රටටම මෙහෙම කියන්නේ ඇයි කියල දැන් හැමෝම අහයි.හැබැයි ඒ අහන අයගෙත් හිතට අවංකව ඒ අය කතා කරොත් කවදම හරි දවසක තමන්ගේම කටින් කියවිලා ඇති මුන්නම් මහා කුහකයෝ කියන කතාව..
මේක මට කියන්න හිතුනේ මේ ලඟදි මේ මෑතකදී සිද්ධ වෙන දේවල් කිහිපයක් දැක්කමයි.එකක් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය.ඊළඟට අධි වේගී මාර්ගය..තව තව දේවල් මතක් වෙයි ලියාගෙන යද්දී..බලමුකෝ..රටේ ලොකුම තැන සිට පොඩිම තැන දක්වා බහුතරයක් කුහකයන්ය.වෙන එකෙක්ගේ දියුණුවක්,රටේ දියුණුවක් පෙන්නන්නට බැරිය.රටේ දියුණුව පෙන්නන්නට බැරි උන්ට ඒක කරගන්නට බැරි වූ නිසාය.
මුලින්ම විශ්ව විද්‍යාල පද්ධතිය ගත්තොත් ජ'පුරේ ඇතිවෙන ප්‍රශ්න සහ රජරට ඇතිවෙන ප්‍රශ්න යම්දුරකට කුහකත්වයෙන් තොරය.ඒත් මෑතදී ගාල්ලේ සහ මාතර ඇති වූ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව පැවැත්වුණු උද්ගෝෂණ නම් අමුම අමු කුහකත්වයේ ප්‍රතිපලය.මේවා කරන්නේ අපේම යාළුවන් වුවද මේවා නොකියාම බැරිය.මොවුන් උද්ගෝෂණය කරන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියාය.ඒ කියන්නේ තවත් පිරිසකට ඉගෙනගන්නට දෙන්නට එපා කියන්නය.ඉගෙනීම කාගෙවත් බුදලයක් නොවේය.එය අපි හැමෝගෙමය.අපි අවුරුදු 13ක්ම නොමිලයේ ඉගෙනගන්නෙමු.පසුව ඉන් යම් ප්‍රතිශතයක් විශ්වවිද්‍යාලයන්ට ඇතුළු වී තවත් අවුරුදු 4ක් හෝ 5ක් නොමිලයේ ඉගෙනගනී.නමුත් යම් හෝ හේතුවක් නිසා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නොහැකි වුවත් තමන්ට යම් විෂයක් ඉගෙනීමට හැකියාවක් ඇති බව දන්නා පිරිස් හට යාමට මගක් තිබිය යුතුය.ඉතින් ඔවුන් ඒ දේ ඉගෙනගැනීමේ ඇති වැරැද්ද මොකද්ද??
මෙතැනදී රජයේ විශ්වවිද්‍යාලයන්ට කිසිදු අසාධාරණයක් වන්නේ නැත.තරඟකාරීත්වය කොහෙත් තියෙන්නේය.එයට මූණ නොදී එයට බිය වී පිස්සු නැටීම කුහකත්වය නොවේනම් වෙන මොකක්ද??ඒ බව ඔවුන් පැහැදිලිව දැන දැනත් මෙයට විරුද්ධ වන්නේ කුහකත්වය නිසා නොවේනම් වෙන කුමක් නිසාද?ඔවුන් රට ගිහින් ඉගෙන ගෙන එන්න එපායැයි උද්ගෝෂණ කරන්නේ නැත.ඒවා උන්ට හෙන ලොකුය.කියන්නේ "අපෝ එයා අබ්‍රෝඩ් ගිහින් ඩිග්‍රීඑක කම්ප්ලීට් කරලා ආවේ " කියලය..පුද්ගලික විශ්වවිද්‍යාල ඇති වූ පසු එවල උගන්නන්නේද එකම ගුරුවරුය.එකම සිලබස්ය.ඉගැන්වීම් ක්‍රමවේද සහ ගුරු සිසු සම්බන්ධතා වල යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්.තවද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන පිරිස් හට තමන්ගේ අධ්‍යාපන මට්ටම ගැන තමන්ගේ මොළය ගැන විශ්වාසනම් මේවට බය වන්නට ඕනේ නැත.මම දන්නා හැටියට ඉසර කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කිව්වේ සහෝදරත්වය හඳුනන සැහෙන දැනුවත් පිරිසක් හැටියටයි.තමන් ඔය විරුද්ධ වෙන්නේ තවත් තමුන් වගේම ළමයෙක් ඉගෙනගන්නවට කියන එකත් අමතක කරන්න එපා. තමන් ඔය විරුද්ධ වෙන දේම කවදාක හරි තමන්ගේ සහෝදරයට ඕනේ වෙයි,තමන්ගේ දරුවට ඕනේ වෙයි.එදාට කන්නාඩිය ඉස්සරහට ගිහින් තැනගේ මූණටම හිනාවෙන්න.ලැජ්ජාවක් හිතුනොත් ඕනෙනං කෙල පාරකුත් ගහගන්න. ඔය කෑගහන අයියල අක්කල නංගිලා මල්ලිලා මාමල නන්දලාගෙන් එකක් අහන්නම්..කවද හරි ඔබතුමන්ලා තුමීලා දොස්තරවරු වෙනවනේ..අන්න එදාට රජයේ බෙහෙත් ඇරෙන්න පුද්ගලික කොම්පැනි කාරයොන්ගේ බෙහෙත් නිර්දේශ නොකරන බවටත්,තමන් ප්‍රයිවට් චැනලින් නොකරන බවටත් සහතිකයක් දෙන්න පුලුවන්ද??මොකද වෙදකම කියන්නේ විකුණගෙන කන දෙයක් නෙවේ නිසා.. තමන්ගේ කුහකත්වය තිබුනට කමක් නෑ..පෙන්නන්න එපා..එක විලිලජ්ජා සහගතයි.මීටපස්සේ තමන්ගේ කුහකකම් උදෙසා උද්ගෝෂණය කරනවානම් රෙදි නැතුව යන්න..තව දෙයක්,බලපෑම්වලට බයේ අහිංසක අම්ම තාත්තගෙත් දරුවෝ ඕවට සහභාගී වෙනවා..ඒවල ශාපෙත් වදින්නේ ඔය කුහක හැත්තටම මිසක් වෙන කාටවත් නෙවේ..පරිස්සමෙන්..හෙන ගහයි..
ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය.මේක කියන්න හිතුනේ මේ ළඟක ඉඳල අධිවේගී මාර්ගේ වාහනවලට ගල් ගහන කුහකයෝ පිරිසක් නිසා.මේ වගේ දේවල් සිද්ධ වන්න සරලම හේතුව මම කියන්නම්.ඉස්සරම ඔය අධිවේගී මාර්ගය හැදෙන කතාව කනින් කොනින් ඇවිල්ල ඕක ස්ථිර උනාම එක්තරා පිරිසක් සතුටෙන් ඉපිල ගියා.ඒ ඔය මාර්ගය දෙපස හිටපු පිරිස.එයාල හිතුවේ මේක දෙපැත්තේ මාල වළලු බෝල සාරවිට බුලත් බෙලිමල් කඩ ටිකක් දාගෙන අතට කීයක් හරි හොයාගන්න.ඉතින් අධිවේගේ විවෘත උනාට පස්සේ තමයි මේ හදාගත්තු සිහින මාලිගා එක එක කඩාගෙන වැටුනේ.ඔවුන් දැන් චෝදනා කරනවා පාරෙන් එහා පැත්තේ කුඹුරට යන්න බස් එකේ යන්න ඕනලු.මේවත් ඔක්කොම එලියට අවේ අර සිහින මාලිගා කඩාවැටීමේ ප්‍රතිපල විදියට.මොකද තමන්ගේ ඉඩම් දුන්නේ පුදුම ආඩම්බරෙකින්.ඒ ගැන කතා කරෙත් පුදුම ආඩම්බරෙන්.පපුව පුම්බගෙන කිව්වේ " අපේ ඉඩම් අධිවේගේට යනවා " කියල.ඒ ඉඩම්වලට හම්බෙන වන්දියයි පස්සේ බෝල වළලු කැඩෙන ලැබෙන අදායමයි හිතල.ඒත් ඒ හීන වැටුනම ඔවුන් අන්ත කුහකයෝ උනා.මොනම වැරද්දක්වත් නැති අහිංසක මිනිස්සුන්ගේ වාහනවලට ගල් ගහන්න පටන් ගත්තා.පාර දෙපැත්තේ ආරක්‍ෂිත වැටවල් කපලා බල්ලෝ පාරට දැම්මා.හැබැයි අධිවේගේ හදද්දී දීපු පොරොන්දු කීපයක් එක හදපු කට්ටියත් මග ඇරලා තියනවා..අහල පහල මිනිස්සුන්ගේ ඉඩම්වලට දාපු කුණු එනම මනං සුද්ධ කරලා දෙනවා වගේ දේවල්..අන්න ඒ දේවල් නිසා මේ කුහකත්වයට පොඩී සමාවක් දෙන්න පුළුවන්.හැබැයි අහිංසක මිනිස්සුන්ගෙන් ගල් ගහලා  පළි ගන්න එකටනම් අමුම අමු කුහකත්වය කියනවා  ඇරෙන්න වෙනත් දෙයක් නෑ..මේ ගත්තේ ආසන්නතම උදාහරණ දෙකක්.මේ වගේ තවත් අනන්ත දේවල් තියනවා.ඒවා කරන මිනිස්සු ගැන දුකයි.
තවත් දෙයක්,අලුත් බස් එකක්,පේන්ට් කරපු බිත්තියක් පෙන්නන්න බෑ.බිත්තියේ පෝස්ටරයක් ගහයි,බස් එකේ සීට් ඉරයි.හොඳට අතුගාල තියන පාරක් දැක්කොත් අලි කෙල තැම්බක් ගහල හප හප ඉන්න බබල්ගම් ඒකත් පාරේ දාල යනවා.මේවානම් අධි කුහකත්වය නිසා එන මානසික රෝග.කවුරුවත් ලස්සනට ඉන්නවා,තැනක් ලස්සනට තියනවා දකින්න බැරි කම.
ඒ එක්කම මතකයට එනවා තවත් පොඩි දෙයක්.මේකනම් අර සුපර් ස්ටාර් තරගේ හිටපු ශිහාන් මිහිරංග ගැන.හැමෝටම මතක ඇති ඒ කාලේ ශිහාන්ට මරණ පෝස්ටර් ගැහුවා.ෂෝ වලට ගියාම හු කිව්වා,ගැහුවා,එක එක නොන්ඩි වීඩියෝ හදල දැම්ම.අන්තිමේදී ඒ විදියට කොන්ඩේ වවල,ඇහිබැම කපල උගේ සින්දු රින්ගින්ග් ටෝන් වලට දාගත්තා..එක කිව්වේ කවදා හරි කුහකත්වය පරදිනවා කියන්න..ඒත් කුහකත්වය නැති වෙන්නේ නෑ..මොකද මේක සදාකාලික කුහකයන්ගේ දේශය නිසා..


පුලුවන්නම් කුහකකම අතාරින්න බලන්න.මොකද මැරෙන්න ගියාම මතක් වෙන්නේ තමන් කරපු කුහක කම්.එතකොට පරක්කු වැඩියි.මේක ආසියාවේ ආශ්චර්යය කරන්න බැරි වෙයි..ඒත් පුලුවන්නම් ආයිත් ඉන්දියන් සාගරේ මුතු ඇටේ කරමු...!!



1 comment:

  1. මගේ කමෙන්ටුව දැමීමට ප්‍රමාද වීම ගැන දුක් නොවෙමි.මන්ද යත් කව්රුත් කතා කිරීමට අකමැති,එහෙත් කතා කල යුතු මාතෘකාවක් පිළිබද කතා කර ඒ හරහා බුද්දිමත් සංවාදයක් ගොඩ නගා ඇති බව පෙනී යය්.ලීමට බොහෝ දේ ඇත,නමුත් මේ පිළිබද ලිවීමට කැමතිය,"මෙරට උගන්වන මහාචාර්යවරු බොහොමයක් මෙරට උපධි හැදරු උගත් බුද්දිමත් පිරිසකි,එනම් මෙරට කොහේ හෝ විශ්ව විද්‍යාලයක උපාදිය සම්පුර්ණ කර ඇති අයෙකි.කට්ට කන්නට ඇත,දුක් විදින්නට ඇත,මස ගණන් ෆැකල්ටි වැහුවම ගෙදර ඉන්නට ඇත,සැබෑවකි ඔව්න් දක්ෂයෝමය ,එම නිසාම ඔව්න් කිසිදා තමාගේම නවකයන්ට වඩා පුද්ගලික විශ්ව විද්‍යාල වල උන්ට උගන්නන්නට මහන්සි වෙයය් නොසිතමි,තමා ඉගෙන ගත් තැන අමතක කරනු ඇතය් නොසිතමි",මන්ද යත් මා මෙන්ම ඔබත් තවමත් ආදරය කරන්නේ, ඔබ උගත් පාසලටය නැතහොත් විශ්වවිද්යලයටය.මාකිසිදා උගත් තැනට පිටු පාන්නේ නැත.ඔබද එසේ යය සිතමි .....අවසානයට පෙර මෙයත් ලිය තැබීමට කැමැත්තෙමි "කවද හෝ පුද්ගලික විශ්ව විද්‍යාල මෙරට බිහි වේවි,එදාට කොපමණ සල්ලි තිබුනත් ඒවාට යන්න අමාරු වේවි,මන්ද යත් ඒවාට යන්න A3 ගත්ත උන් පොර කකා ඒවි.....හැබය් එදාට දැන් A2 B1 අරන් කැම්පස් එන්න බැරි උණු ගමේ කොල්ලෝ කෙල්ලෝ ටික ආණ්ඩුවේ විශ්වවිද්‍යාල වලට ඒවි "......ඔබේ විවේචන වලට ආදරය කරමි......

    ReplyDelete