About Me

My photo
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??

Saturday, September 1, 2012

නිදහස් අධ්‍යාපනය(මද?)

නිදහස් අධ්‍යාපනය කියලා ගොඩක් දෙනෙක් කෑගහන තර්ක කරන මේ දවස්වල තියන කතාබහ ගැන මගේ මධ්‍යස්ථ අදහසක් දක්වන්න හිතුනා.මුලින්ම කියන ඕනේ මේක කිසිම දේශපාලනික මතවාදයකින් බැහැරව කෙරෙන අදහස් දැක්වීමක්.මම කාටවත් කඩේ යන්නේ නෑ..හැබැයි මේකෙදි සමහර පටු මතවාද දරන අය පිළිගන්න අකමැති කරුණු කාරණා මතුවෙයි.ඒකට මට කරන්න දෙයක් නෑ.මම කතා කරන්නේ විවෘතව.හරි මම කෙලින්ම කතාවට බහින්නම්.මම කතා කරන්න බලාපොරොත්තු වෙන එක දෙයක් නිදහස් අධ්‍යාපනයක් ඇත්තටම තියනවද කියන මතය.අනෙක පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වීම.
නිදහස් අධ්‍යාපනය ඇත්තටම නිදහස්ද?මෙන්න මේකට උත්තර දෙද්දී ඔය උගුර ලේ රහ වෙනකන් කෑ ගහන සහෝදරවරු මෙන්න මේ ප්‍රශ්නවලට හිතේ කහටක් නැතුව අවංකව උත්තර දෙන්න.
  • ඔබතුමන්ලා ඉගෙන ගත්තේ පාසැලෙන්ම පමණද?
  • පාවිච්චි කරේ පාසලෙන් දුන් පෙලපොත්ම පමණද?
  • කිසිම දාක උපකාරක පන්තියකට ගිහින් නැද්ද?
  • එහෙම උපකාරක පන්ති යද්දී,අතිරේක පොත්පත් ගනිද්දී තමන් එක්කම නිදහස් අධ්‍යාපනය ලබන තමන්ගේ එහා පැත්තේ ඉන්න දුප්පත් මිතුරාට මේ තමන්ට ලැබෙන දේ ලැබෙන්නේ නෑ නේද කියලා හිතුනද?
දැන් මම කතා කරන්නම් ඒවා ගැන.ඔබතුමන්ලා ඔය කෑගහන නිදහස් අධ්‍යාපනයේ මහිමය හැමෝටම ලැබෙන්නනම් ඉස්කෝලේ යන කාලේ ඉඳලම උපකාරක පන්ති පවත්වන එකට විරුද්ධ වෙන්න.ඔච්චරටම සමානාත්මතාවය අගය කරනවනම් දාස් ගණන් දීල ගෙදරට ගුරුවරු ගෙන්නගන්න එක නවත්තන්න.ඉස්කෝලෙන්ම ඉගෙනගෙන විභාගේ ලියන්න.දැන් ඔබතුමන්ලා ඉගෙනගන්න විශ්වවිද්‍යාලයේ මාසෙට ලොකු ගානක් ගෙවන පාසල්වල ඉඳල ආපු ශිෂ්‍යයෝ එක්ක එක බත් පත කනවද?බරපතල විසංවාදයක් නේද සහෝදරවරුනි?මොකද ඔවුන් ඔතනට එන්නේ නිදහස් අධ්‍යාපනය කියන ප්‍රවාහය හරහා නෙවෙයි.ඔබතුමන්ලා මම මුලින් කිව්ව විදියට පොත්පත්වලට,උපකාරක පන්තිවලට වියදම් කරේ සල්ලි තියන නිසා නේද?එතකොට දුප්පත් අම්මල තාත්තලාගේ ළමයි ගැන පව් කියලා හිතුනේ නැද්ද?සරලවම එපමණයි නිදහස් අධ්‍යාපනය ගැන.

දැන් මම එන්නම් මගේ දෙවන කරුණට.පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වීම.මේකටත් මට කලින් තර්කෙම පොඩ්ඩක් අදාල කරගන්න වෙනවා.ඔබතුමන්ලා AAA අරගෙන කැම්පස් යන්න පුද්ගලික උපකාරක පන්ති වලට ගියානම්,තමන් ආස කරන,තමන්ට හැකියාවක් තියන විෂයයක් ඉගෙන ගන්න තවත් ළමයෙක් පුද්ගලික විශ්වවිද්‍යාලයකට යන එකට විරුද්ධ වෙන එක හරි මදි වගේ නැද්ද?ඒ වගේම CSS තියනවනම් ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න එක සුදුසුකමක් බව කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන අයදුම් පත්‍රය සහිත අත්පොත.ඔබතුමන්ලා එහෙම ශිෂ්‍යයන්ට ඉගෙනගන්න දෙන්න එපා කියනවනම් ඔවුන් උපාධියක් ලබන්න සුදුසු නෑ කියනවනම්,ඔබතුමන්ලා වක්‍රාකාරව කියනවා දුෂ්කර පළාත්වලින් අඩු "Z"අගයක් යටතේ කැම්පස් එන්නෙත් මැට්ටෝ කියලා.එහෙම නේද?ඔබතුමන්ලාගේ තර්කය සාධාරණ වෙනවා කැම්පස් යන්නේ 1000ක් නම්,ඒ 1000 island rank 1- 1000 දක්වා වෙනකන් ඇතුලත් කරගන්නවනම්.සරලවම මෙපමණයි..කැම්පස් සටන ජයගන්න ඔබතුමන්ලා පුද්ගලික පාර්ශවයක සහය ලබාගත්තානම්,රැකියා තරඟය ජයගන්න තවත් අයෙක් පුද්ගලික පාර්ශවයක සහය ලබාගන්න එකට විරුද්ධ වෙනකොට නිකන් ආත්ම කින්ඩියක් වගේ ඇති වෙන්නේ නැද්ද???

පොඩ්ඩක් හිතලා බලන්න..තමන් තමන්ගේ අනාගතය හදාගන්නවනම්,ඉස්කෝලේ එක මේසේ එකට බත් එක කාපු තමන්ගේ මිත්‍රය තමන්ගේ අනාගතේ හදාගන්නවට ඔය විදියට විරුද්ධ වෙන්න එපා.ඒ වගේම තමන්ගේ ළමයින්ට සේසතම විකුණලා හරි උගන්නන්න බලන ඉන්න අහිංසක අම්මලා තාත්තලත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.තව එකක්..හොරෙන් ලිපි හදල ගන්න මහපොළ තියනව නේද??එක පුලුවන්නම් ඔය අසරණ ළමයෙක්ට අරන් දෙන්න..ඒක අරගෙන බොන්නයි,කෙල්ලොන්ටයි,වෙන වෙන වැඩවලටයි වියදම් නොකර..එතකොට ඔය උගුර ලේ රහ කරගන්නේ නැතුව තමන් බලාපොරොත්තු වෙන දෙයින් හරි අඩක්වත් කරගන්න පුළුවන් වෙයි.

20 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නියමයි... සුපිරි...

    ReplyDelete
  3. එලම තමයි මචං..මම මේ සේරම සරලව දකින්නෙ මෙහෙමයි...

    අපායෙ ලොකූ වලක එක එක රටවල් වල වැරදි කාරයො දාල තියෙද්දි අනිත් රටවල් වල උන් එක එකාගෙ කර උඩ නැගල ගොඩට ආව.නමුත් ලංකාවෙ සේරම හැමදාම වලේ හිටිය..මොකද එකෙක් ගොඩ යද්දි අනික උගේ කකුලෙන් අදින්නයි හදන්නෙ...අනික දුප්පත් අම්මගෙ තාත්තගෙ ළමය ලොකු දොස්තර වෙලා අපිට නිකන් බෙහෙත් දුන්නද..?ඌ එතනට ගියාම ඌත් අර ධනේශ්වර රාමුවේ පොදු චරිත ලක්ශන ආදේශ කරගන්නව මිසක් පීඩිත පංතියක් ගැන හිතනවද..අපි කියන්නෙ මෙච්චරයි බලළ මැටියෙන් බැරිනම් ප්ලාස්ටොෆ්පැරිස් වලින් හරි කමක් නෑ මීයො අල්ලනවනම් එච්චරයි..උපාධිය කොහේ උනත් කමක් නෑ වැඩේ හරියට කෙරෙනවනම්...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මචං...මෙන්න මේකයි කොටින්ම උනේ..ඉස්සර කැම්පස් කිව්වම ගිහිල්ල ඕනේ මෝලක් කෙළගෙන හිටියා...විභාගෙට කුප්පියක් දාලා ලියනවා..අවුට් වෙනකොට අනිවා ජොබ තියනවා කියලා දන්නවා..ඒත් දැන් පැහැදිලි තරඟයක් තියනවා..අන්න ඒ තරඟයට මූණ දෙනකොට තමන්ගේ ආතල් කැඩෙන එකේ පුංචි අවුලකුත් මේ ඇත්තොන්ට තියනවා..නෑ කිව්වොත් බොරුවක්...

      Delete
  4. සිරාම කතාව.නිදහස් අධ්‍යාපනයක් කිවුවට ඇත්තටම එහෙම එකක් සම්පූර්ණයෙන්ම නෑනේ.මං නම් පෞද්ගලික විශ්ව විද්‍යාල හදනවට එකගයි.ධනේෂ්වර ආර්තිකයට විරුද්ධයි.ඒකයි එහෙම කිවුවේ.අනික සම්පුර්ණ නිදහස් අධ්‍යාපනයටත් විරුද්දයි.නිදහස් අධ්‍යාපනය පමණක් නෙමෙයි සෞඛ්‍ය ගත්තත් ඔය ඕන දේක නිදහසට මා විරුද්ධයි.අන්ත සමාජවාදයට විරුද්ද නිසයි එහෙම කිවුවේ.ලංකාවේ මිනිස්සුන්ට නිකන් දෙන්න හොද නෑ.ඒක තමා කරගන්න බරපතලම වැරැද්ද රජයක්.රජයක් නිකන් දෙන නිසා තමා මේ උද්ගෝෂණ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනිවා..ඕනෙම දේක අතිශය ලෙස අන්තගාමී වෙන්න ගියොත් එතන ඇතිවෙන්නේ අවුලක් මිස වෙන දෙයක් නෙවේ.ලංකාවේ මිනිසුන්ට කිසිම දෙයක් නිකන් දෙන්න හොඳ නෑ කියන එකටනං උඩින්ම එකඟයි..මොකද ලංකාවේ බහුතරයකගේ ආකල්ප මහ කුහකයි.මුල මැද අග මතක නෑ.

      Delete
  5. එල කිරි මචන් කුහකයන්ට හොඳ කනේ පාරක්

    ReplyDelete
    Replies
    1. ස්තුති මචන්..ඔය වචනේ පාවිච්චි කරන්න හදලා නොකර හිටියා මම.

      Delete
  6. පෞද්ගලික විශ්වවිද්‍යාල කියා අලුතෙන් දෙයක් හදන්නට නැත. මුදල් ගෙවා තෘතීය අධ්‍යාපනය ලැබිය හැකි උපාධි ප්‍රදාන ආයතන කිහිපයක්ම ලංකාවේ දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. (රාජ්‍ය අනුග්‍රහය සහිතව)

    විදේශ විශ්වවිද්‍යාල හා අනුබද්ධිතව ඔවුන්ගේ උපාධි සඳහා අධ්‍යාපනය ලබාදෙන ආයතනද පවතී.

    ඒ හැරුණු විට මුදල් ගෙවා අධ්‍යාපනය හැදෑටිය හැකි විවෘත විශ්වවිද්‍යාලයද පවතී.

    ඔබ ඔය අදහස් කරන පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය රජයෙන් ගෙන එන්නේ අලුත් සායමක් ගා කොමිස් පගා කුට්ටි පිටින් ගසා කන්නටය. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කර දමා එහි වියදමත් සිය සුඛ විහරණයට යොදා ගැනීමටය.

    සරසවියට දැන් වන දෙය පසුව පාසැල් පද්ධතියටද සිදු කරනු ඇත. සරසවි සිසුන් පානා විරෝධය ITN නාලිකාවෙන් නොව නිරුවත් දෑසින් බලන්න.

    ReplyDelete
    Replies
    1. "මුලින්ම කියන ඕනේ මේක කිසිම දේශපාලනික මතවාදයකින් බැහැරව කෙරෙන අදහස් දැක්වීමක්.මම කාටවත් කඩේ යන්නේ නෑ..හැබැයි මේකෙදි සමහර පටු මතවාද දරන අය පිළිගන්න අකමැති කරුණු කාරණා මතුවෙයි.ඒකට මට කරන්න දෙයක් නෑ."
      මම මේක පටන් ගත්තේ මෙහෙම කියලා.ප්‍රතිපත්තියක් විදියට මම ලංකාවේ කිසිම නාලිකාවක ප්‍රවෘති බලන්නේ නෑ.හැම එකාම කරන්නේ කගේ හෝ පස්ස ලෙවකෑමක්,නැත්නම් කඩේ යාමක්.
      රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරන්නේ ආණ්ඩුවවත්,වෙන කවුරුවත් නෙවේ..ඕවල ඉන්න කාගේවත් ලණු කාපු නොනිල පඩි ගන්න පිරිසක්.ඒක සුළුතරයක් නොදන්නවා උනාට,බහුතරයක් දන්නවා..

      Delete
  7. patta machan!! Kianna ona dae elatama kiala thiyenawa!!

    ReplyDelete
    Replies
    1. අනිවා මචං..අපේ හිත් සුද්දයි නේ.. ;)

      Delete