ලංකාව ඊයේ ලකුණු 41කට ඔක්කොම අවුට් උනා..හැමෝටම හිතුන දෙයක් තමයි ඇයි මෙහෙම උනේ කියලා.මොකද ලංකාවේ බහුතරයක් ආදරයෙන් වැළඳගෙන බලන ක්‍රීඩාව තමයි ක්‍රිකට්.ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් උනාට වැඩිහරියක් ගහන්නේ ක්‍රිකට්.වැඩිහරියක් බලන්නේ ක්‍රිකට්.ඉතිං අර වගේ දෙයක් දැක්කම හැමෝටම හරියට දුක හිතෙනවා.එහෙම උනේ ඇයි කියල මට හිතෙන හැටියි මේ..
ලංකාව මේ විදියට පරාජිත රැල්ලක් පටන් ගත්තේ පහුගිය ලෝක කුසලාන අවසාන මහා තරගෙන් පස්සෙයි.හරියටම කිව්වොත් ඩිල්ශාන් නායකත්වයට පත් උනාට පස්සෙයි.ලෝකේ ඕනෑම ක්‍රීඩාවකට පොදු උන දේවල් කිහිපයක් තියනවා.මෙන්න මේ වගේ:-
- තමන්ගේ ප්‍රතිවාදියා හොඳින් අධ්‍යනය කිරීම
- ප්‍රතිවාදියාගේ දුර්වලතා හඳුනා ගැනීම.
- ඒ දුර්වලතා එල්ල කර පහර එල්ල කිරීම.
- ක්‍රිකට්වලනම් line and length පන්දු යැවීම.(නියමිත් එල්ලයට තැනට පන්දු යැවීම)
මෙන්න මේ සරල න්‍යාය ඕනෑම ක්‍රීඩකයෙක් අනුගමනය කරනවා.(ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම හැර) මේක කියවන අය ක්‍රිකට් ලෝලියෝනම් පොඩ්ඩක් ලංකාවේ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම අධ්‍යනය කරලා බලන්න.වාස් සහ මුරලිගෙන් පස්සේ තවම එකම එක ක්‍රීඩකයෙක්වත් ලංකාවේ බිහි උනේ නෑ ප්‍රතිවාදියාගේ දුර්වලතා ඉලක්ක කරලා පන්දු යවන්නෙක්.ඒක මම වගකීමෙන් කියනවා. තරමකට හෝ සාර්ථක මාලිංග තමන්ගේ සාර්ථකත්වය රඳවා ගන්නේ තමන්ගේ පන්දුවල තියෙන විවිධත්වය මත මිසක්,අර මම කියපු සරල න්‍යායෙන් නෙවෙයි.ඊළඟට අර මම කියපු නියමිත එල්ලයට පන්දු යවන්නේ මැතිව්ස් පමණයි.සමහර වෙලාවට තිසර පෙරේරා නියමිත් එල්ලය රඳවාගන්නවා.ඒ ඇරෙන්න වෙන කිසිම ක්‍රීඩකයෙක් ඔය සරල පොදු දේට අනුගතව පන්දු යවන්නේ නෑ.හැබැයි මේකට පන්දු යවන්නා විතරක් නෙවෙයි,කණ්ඩායමේ නායකයා සහ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයිනුත් වගකිව යුතුයි.හැබැයි අපි එක්තරා කාලයකදී දැක්කා සංගක්කාර සහ මහේල කියන දෙන්නම පන්දු යවන්නන් ලඟට ඇවිත් ප්‍රතිවාදී පිලේ පිතිකරුවන්ගේ දුර්වලතා පෙන්නලා ඒවයෙන් කඩුලු ලබාගන්නවා.ඒත් අපි දැන් ඒ දේ ඒ දෙන්නගෙන් දකින්නේ නෑ.ඩිල්ෂාන්ටනම් එච්චර දෙයක් කරන්න මොලයක් නෑ කියන ඒක එයා ඔප්පු කරලා ඉවරයි.ඒ ගැන කතා කිරීමත් නිෂ්ඵලයි.
දෙවනුව පන්දුවට පහර දීම එහෙම නැත්නම් පිතිකරණය.මෙතැනදී අපේ අය අසාර්ථක වෙන්නේ අර සරල න්‍යාය ප්‍රතිවාදී පිල අනුගමනය කිරීම නිසයි.ලංකාව ක්‍රීඩා කරන හැම තරඟයකදීම අපේ පිතිකරුවන් දැවී යන්නේ එකම විදියකට නේද කියන ඒක පොඩ්ඩක් කල්පනා කරොත් මතක් වේවි.ඩිල්ෂාන්,සංගක්කාර,මහේල කියන මේ අපේ පිතිකරණයේ කොඳු නාරටිය ගොඩක් වෙලාවට දැවී යන්නේ එකම ආකාරයකට.එහෙම වෙන්නේ ප්‍රතිවාදීන් ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන පන්දු යැවීම නිසයි.ලංකාව ක්‍රීඩාකරන හුඟක් තරඟවල ප්‍රතිවාදී පන්දු යවන්නන් විකට්ටුව වෙතට පන්දුව යොමු කරනවා අඩුයි කියල හොඳින් බැලුවොත් තේරෙයි.මොකද ඔවුන් දන්නවා අපේ අය අහක යන නයි අස්සේ දාගන්න හරි දස්සයි කියලා.
ඊළඟට කණ්ඩායම තුල ගන්න වූ මෝඩ තීරණ.ඊයේ තරඟය දිහා බැලුවොත් ලකුණු 4කට කඩුලු දෙකක් දැවී ගිය වෙලාවේ ඒ වගේම ඒ පිතිකරුවන් දෙන්නම ලකුණු 0ට ගිය වෙලාවක චන්දිමාල් වගේ අත්දැකීම් අඩු ක්‍රීඩකයෙක් එවනවා පන්දුවට පහර දෙන්න.ඊයේ තරඟයේ දැකපු මෝඩම තීරණයක් ඒක.ඒ වෙලාවට එන්න ඕනේ පීඩනයක් තුල ක්‍රීඩාකරන්න පුළුවන් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් මිසක් ඒ වගේ ක්‍රීඩකයෙක් නෙවේ.මේ දේවල් හරහා ඒ තරුණ ක්‍රීඩකයන්ට තවත් අමතර පීඩනයක් එල්ල වෙනවා මිසක් ඔවුන්ට අත්දැකීමක් ලැබෙන්නේ නෑ.ඊළඟට දිල්හාර ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයින් කණ්ඩායම තුල රඳවාගැනීම.ලෝකේ ක්‍රිකට් ගහන හැම රටකම දැන් ඉන්නේ තුන්ඉරියව් ක්‍රීඩකයින්.(ලංකාවේ හැර)කඩුලු 8ක් වැටුන වෙලාවක උනත් තමන්ගේ අන්තය රැකගෙන පහර දෙන්න ඒ ක්‍රීඩකයෝ දක්ෂයි.ඒ වගේම ඒ රටවල්වල පන්දු යවන්නන් තමන් පිටියට එන්නේ අවසාන පිතිකරුවා වශයෙන් උනත් කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන්න උත්සහ කරනවා.සරලම උදාහරණ ඉන්දියාවේ සහීර් ඛාන්,අශ්වින්,පාකිස්තානයේ උමාර් ගුල්,ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්,බ්‍රෙට් ලී,නවසීලන්තේ ෆ්රැන්ක්ලින්,මැකලම්. තව ඕනේ තරම් ඉන්නවා. ඒත් ලංකාවේ මේ විදියට ඉඳල හිටලා හෝ ඒ වගේ දායකත්වයක් ලබාදෙන්නේ මාලිංග සහ කුලසේකර විතරයි.සරලවම කිව්වොත් දිල්හාර ප්‍රනාන්දුට පන්දු රකින්නත් බෑ,පහර දෙන්නත් බෑ.ඉතිං ඒ වගේ ක්‍රීඩකයෙක් පන්දු යැවීමත් හරියට නොකලොත් ඊට වඩා හොඳයි පිට්ටනියේ හොඳ පෝච්චි දෙහි ගහක් තියල තියනවා.ඒකෙ වැදිලා බෝල හරි නවතිනවනේ.
මේ ලිව්වේ ක්‍රීඩා ලෝලියෙක්ගේ හදවතින් එන දේවල්.ඒ වගේම තරමක ක්‍රිකට් ගැන දැනීමක් තියන කෙනෙක් හැටියට.
තමන්ගේ රටේ විවිධ අර්බුධ තිබුන රටවල් හැරෙන්න වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් මේ තරම් පහල අඩියකට වැටුනේ නෑ..අපි නැගිටිමු.පුලුවන්නම් මේ වැරදි හදාගමු.නැත්නම් කියන්න වෙන්නේ දුකෙන් උනත් ඔබ ගැන තියෙන බලාපොරොත්තු අත අරිනවා.
තමන්ගේ රටේ විවිධ අර්බුධ තිබුන රටවල් හැරෙන්න වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් මේ තරම් පහල අඩියකට වැටුනේ නෑ..අපි නැගිටිමු.පුලුවන්නම් මේ වැරදි හදාගමු.නැත්නම් කියන්න වෙන්නේ දුකෙන් උනත් ඔබ ගැන තියෙන බලාපොරොත්තු අත අරිනවා.


කියන්න දෙයක් නෑ ඔක්කොම කියල තියෙන්නේ .......................! දිල්හාරගේ cricket ජීවිතයට සමු දෙන්න කාලය හරි.............
ReplyDelete@piush කාලේ හරි ගියේ ඔයිට කලින්..මූ යන්නේ නැති එකනේ අවුල..
Deletethani ahata kadulu kata kata unanne
ReplyDeleteඩිල්ශාන් ට ඔලුවක් තියනව නම් දැං වත් ඉල්ලා අස් වෙන එක හොඳයි
ReplyDeleteකතාව ඇත්ත මං නම් ක්‍රිකට් බලන එක නවත්තලා මාස 10 කට කිට්ටුයි.
ReplyDeleteඒත් ඉතින් කට කහනවා
දෑනට ලන්කාවෙ හරි bowlers කෙනෙක්ට ඉන්නෙ ලසිත් මාලින්ග විතරයි
ReplyDelete