About Me

My photo
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??

Wednesday, July 6, 2011

චන්දිමාල්,මැතිව්ස්,සංගක්කාර සහ ඩිල්ෂාන්

                                                 එක එක්කෙනා කලින් මැච් එක ගැන කියන කතා අහන් හිටියම මේක නොලියා බැරි උනා..කතාව පටන් ගන්නේ චන්දිමාල් ලකුණු 87 ඉන්න වෙලාවේ ඉඳන්...දිනය හරියටම කිව්වොත් 2011 ජූලි 3 වෙනිදා..ක්‍රිකට්වල මහා දෙවොල වෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණය තමයි තැන..මැච් එක බලපු කට්ටිය වෙච්ච හැමදේම දකින්න ඇති නිසා එකින් එක ඒවා පහදන්න යන්නේ නෑ...
                                                  කට්ටියට මාර ප්‍රශ්නයක් උනා මැතිව්ස් බෝල 20කට ලකුණු එකක් ගහපු එක..ක්‍රිකට් ගැන දන්නා, ක්‍රිකට් ගහපු ඕනෑම කෙනෙකුට ඒ ගහපු එක ලකුණේ වටිනාකම හොඳටම තේරෙනවා...චාන්දිමාල් කියන්නේ තවමත් අවුරුදු 21ක් වෙන තරුණ ලාබාල ක්‍රීඩකයෙක්.ඒ වගේ ක්‍රීඩකයෙක්ට ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ලකුණු 100ක් ගහනවා කියන්නේ අනාගතයේදී තවත් 100 ඒවා 100ක් ගහන්න තරම් හයියක්..ඒකත් ලෝකෙටම ක්‍රිකට් උගන්නපු සුද්දන්ට එදිරිව..හරියට උන්ගේ කනට ගැහුවා වගේ..බටු ඇටයක් විතර කළු කොල්ලෙක් ලෝකෙටම ක්‍රිකට් උගන්නපු තමන්ගේ තිඹිරිගෙයට ඇවිල්ල තමන්ගේ කනට ගැහුවා වගේ...ඒ වෙලාවේ සුද්දන්ගේ විස්තර විචාරය අහපු ඕන කෙනෙක්ට ඒක පැහැදිලිව පෙනුනා...උන්ගේ හිතේ තිබ්බේ පැහැදිලි ඉරිසියාව සහ පට්ට කුහකකමක් විතරයි..ඒ අතින් චන්දිමාල් කරපු දේ සෑහෙන වටිනවා....ඒක අවිවාදාත්මකයි...
                                              දැන් හැරෙමු මැතිව්ස්‌ගේ පැත්තට...එදා ඒ වෙලාවේ මැතිව්ස් ගත්ත තීරණේ,එහෙමත් නැත්නම් එයා ක්‍රීඩා කරපු විදිය සෑහෙන ප්‍රශ්නයක් උනා කට්ටියකට..මම පහදන්නම් ඒ ක්‍රීඩා විලාශයට හේතුව මොකද්ද කියන ඒක.මතක ඇති මැතිව්ස් එදා ඒ පිතිකරණය දියත් කරේ power play පන්දු ඕවරවලදී කියල..බහුතරයක් දන්නවා ඇති ඒ වෙලාවට යාර 30 සීමාවෙන් එපිට ඉන්නේ පන්දු රකින්නන් 3 දෙනෙක් විතරයි කියන එකත්.අපි හිතමු මැතිව්ස් තරමක වේගයෙන් පහරක් එල්ල කළා කියලා...තමුන්නාන්සේලා හිතනවද එංගලන්තකාරයෝ ඒ පන්දුව නවත්තලා ලංකාවේ පොඩි කොල්ලෙක්ට තමන්ගේ කනට ගහල යන්න ඉඩ දෙයි කියල????ලොවෙත් නෑ..ඒක අතෑරලා 4ක් යන්න අරිනවා...ඒකයි ඇත්ත...මොකද දැන් ක්‍රිකට් කියන්නේ අතලොස්සක් පමණ වූ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් මිස,තනිකරම මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙවේ..එතනදී මැතිව්ස් නියම මහත්මා ඉනිමක්‌ ක්‍රීඩා කරේ..මොකද නියම ක්‍රීඩකයෙක් දන්නවා ලකුණු 100ක තියන වටිනාකම...අනික මේක සපුරගන්න අමාරු ඉලක්කයක් උනෙත් නෑ..එහෙම උනානම් මැතිව්ස් කරපු දේ අනුමත කරන්න බෑ..ඒත් පන්දු 30කදී ලකුණු 17ක් කියන දේ අමාරු ඉලක්කයක් නෙවෙයි..ඉතින් ඒ වෙලාවේ තමන්ගේ කනිෂ්ට ක්‍රීඩකයෙක්ට පරිණත ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙක්ගෙන් ලැබෙන්න ඕන නියම සහාය ඒ වෙලාවේ මැතිව්ස් ලබාදුන්නා...ඒක ප්‍රශංසනීයයි....
                                         දැන් හැරෙමු ඩිල්ෂාන් කියන ක්‍රීඩකයාගේ පැත්තට..එදා මැතිව්ස් අර විදියේ පිතිකරණයක් දියත් කරද්දී (අපේ බාසාවෙන් කිව්වොත් බෝල කද්දී) ඩිල්ෂාන් හැසිරුණු විදිය නායකයෙක්ගේ පැවැත්මට කොහෙත්ම ඔබින්නේ නෑ කියන එක ක්‍රීඩාවක් හරියට කරපු නායකත්වයක් දරපු ඕනෑම කෙනෙක්ට එහමත් නැත්නම් ක්‍රීඩාව ගැන යන්තම් හෝ අවබෝධයක් තියන කෙනෙක්ට පැහැදිලිව තේරෙනවා.මොකද නියම නායකයෙක් කියන්නේ කොච්චර ප්‍රශ්නයක් ක්‍රීඩකයෙක් එක්ක තිබ්බත් ක්‍රීඩාවක් ඇතුලෙදි ඒ ප්‍රශ්න එලියට නොදා තමන්ගේ කණ්ඩායම මෙහෙයවන්න ඕන කෙනෙක්.තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් මතභේදාත්මකව හැසිරෙනවානම් ක්‍රීඩාකරන තැනදීම එක විසදන්න යන එක මෝඩකමක් මිස ලොකුකමක් නෙවෙයි කියන එක ඩිල්ෂාන් තේරුම්ගන්න ඕන..කොච්චර තරහක් ආවත් තමන් වැඩිවෙලා ඉන්න තැනින් නැගිටලා තරඟය අතහැර දාල වගේ යන එක කොහෙත්ම නොකළ යුතුයි.එහෙම නායකයෙක් අපේ බාසාවෙන් කිව්වොත් බලු වටින්නේ නෑ.ඩිල්ෂාන් කියන්නේ ලංකාවට ඉන්න ලෝකයක් වටිනා ක්‍රීඩකයෙක්..ඒත් බලු වටින්නේ නැති නායකයෙක්..එක ඩිල්ෂාන් සාධක ඇතුව ඔප්පු කරා..පසුගිය සිම්බාබ්වේ සංචාරයේදීත්,මේ සංචාරයේදීත්,පළාත් තරන්ගවලදිත්..නායකයෙක් තබා තමන් පරිනත ක්‍රීඩකයෙක්‌ කියන එකත අමතක උන විදියටයි ඩිල්ෂාන් ඒ වෙලාවේ හැසිරුනේ...එතන ඩිල්ෂාන් පෙන්නුවේ පැහැදිලි කුහකකමක් මිස වෙනත් දෙයක් නෙවෙයි.මොකද මැතිව්ස් සහ චන්දිමාල් කියන්නේ අනාගත ශ්‍රීලංකා කණ්ඩායමේ නායකත්වයට සුදුසුකම් තියන ක්‍රීඩකයන් දෙන්නෙක්.ඩිල්ෂාන් මීටකලින් නායකත්වයේ නැති කාලේදී හැමෝටම මතක ඇති ටෙස්ට් තරඟයකදී වේගවත් ලකුණු 100කට ආසන්නයේ ඉන්දෙද්දී ලකුණු 92කට දැවී ගියා...එවෙලේ ඩිල්ෂාන් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා..මම ගහන්නේ මට ඕන විදියට.එක කාටවත් ප්‍රශ්නයක් නෑ. ඉතින් එහෙම කියපු ඩිල්ෂාන් දැන්මෙහෙම හැසිරෙන්නේ කුහකත්වය නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි..
                                                  දැන් සංගක්කාර..සරල උදාහරණයක්‌ දෙන්නම්..එදා චන්දිමාල් ඒ මැච් එක ඉවර කරපු වෙලාවේ හිනාවකින් යුතුව අත්පුඩි ගහපු එකම ක්‍රීඩකයා සංගක්කාර..ඒ වගේම තමයි අපිට පැහැදිලිව දකින්න ලැබුනා දැනටත් ඩිල්ෂාන් නයකයා උනාට තරඟ මෙහෙයවන්නේ සංගක්කාර කියන එක...පුලුවන්නම් එකම එක උදාහරණයක්‌ දෙන්න සංගක්කාර ක්‍රීඩකයෙක්ට බැනවැදුණු අවස්ථාවක් හරි,අපහසුතාවයට ලක්වෙන දෙයක් හරි කළානම්..අන්න ඒකයි නායකත්වය කියන්නේ..ඒ අතින් සංගක්කාර කියන්නේ ලෝකයක් වටිනා ක්‍රීඩකයෙක් වගේම ලෝකයක් වටිනා නායකයෙක්..
                                                  මම හිතන්නේ මැතිව්ස්ගේ 1ලකුණත්,චන්දිමාල්ගේ 100ත්,ඩිල්ෂාන්ගේ ප්‍රතිචාරත්,සංගක්කාරගේ විශිෂ්ටත්වයත් හැමෝටම පැහැදිලි ඇති...(ඩිල්ෂාන්ගේ කුහකකමත්)මම නැවතත් කියන්නේ ඩිල්ෂාන් ලංකාවට ඉන්න ලෝකයක් වටිනා ක්‍රීඩකයෙක්.ඒත් නායකත්වය කියන තැනදී ඩිල්ෂාන් අසාර්ථකයි..මම මේකෙන් කියන්න උත්සහ කරේ ඒක.නායකයෙක්‌ කරන්න ඕන තමන්ගේ අංකුර ක්‍රීඩකයන් වට්ටන ඒක නෙවෙයි..ඔවුන්ගේ වැරදි හදල හරි තැනකට ගේන එකයි..එතනයි නායකයෙක්ගේ විශිෂ්ටත්වය රඳා පවතින්නේ..තාමත් පිටියෙන් පිටත ඉඳං අර්ජුණ රණතුංග මොන දේවල් කිව්වත් අපි ඔහුට නායකයෙක්‌ හැටියට ගරු කරන්නේ අන්න ඒ දේ නිසයි...ඩිල්ෂාන් මේ දේවල් තේරුම් ගත්තොත් දුරගමනක් යයි..නැති උනොත් චන්දිමාල්ගේ ගමන කෙටි වෙයි..


෴.මේ ගැන ප්‍රතිචාර දැක්වීමේදී ක්‍රීඩාවක් ගැන දැනුමැතිව කරන ප්‍රතිචාර බොහෝ අගය කොට සලකමි.෴

4 comments:

  1. 100% agree...aya mal hathai...hats off for yo saying..!!!

    ReplyDelete
  2. aniwa mmath okata ekagai! mona prshne thibunath eka athuledi visada gnna ona.hamotama penna pradarshanaya kireema nm maha moda kamak.math oya siddiya hodata baluwa!

    ReplyDelete
  3. පාණ්ඩේ සමග යම්තාක් දුරකට පමනක් එකග වෙමි.සංගක්කාර අසමසම නායකයෙකු බව අවිවාදාත්මකය.ඩිල්ෂාන් වෙත කරනු ලැබූ චෝදනා ගැන නම් එකග වීම අපහසුය.අවස්ථානුකූලව ඩිල්ෂාන්ගේ මද කිපීම සාධාරණයයි හැගේ.පලමු තරගයේ ලද ලජ්ජාශීලී පරාජයෙන් තමා කෙරෙහි විශ්වාසය තැබූ කණ්ඩායම හා මුළු මහත් ප්‍රේක්ෂකයන් හමුවේ නිරුත්තර වී සිටි ආධුනික නායකයෙක් ගේ පසුතලයක හිද ගෙනය අප ඔහුව විවේචනය කල යුත්තේ.අප මේ කතා කරනුයේ ලංකා කණ්ඩායම ගැනය.අංක එකේ ආශ්චර්යයන් ට පන පොවන කන්ඩායමක් ගැනය.එය හොද පැත්තට මෙන්ම අවාසනාවන්ත නිමාවන්ටද පෙරලුනු අවස්ථා එමටය.ලබා ගත යුතු ලකුනු ප්‍රමානය එලෙසම තිබියදී පන්දු ප්‍රමානය අඩුවන ලකුනු පුවරුව නායකයාගේ හද ගැස්ම වැඩි කරවීම සාධාරණයයි හැගේ.එවන් අවස්ථාවකදී චන්දිමාල්ගේ හෝ මැතිව්ස්ගේ හදිසි දැවී යාම අනවශ්‍ය පීඩනයකි.එහි රස්නය ඩිල්ශාන්ට,(යට කී පසුතලයේ සිටින)දැනුනා කල් වැඩියැයි ද සිතේ.නමුත් එම පසුතලයේම සිටින සංගක්කාරද එලෙසම හැසිරෙනු ඇතැයි ද සිතේ.මන්ද සංගක්කාරද කියන තරම් සන්සුන් නායකයෙකුද නොවන බව කිව යුතු මනා.ඔහුද දරා ගත නොහැකි පීඩනය හමුවේ තරගය අත හැර දැමූ අවස්ථා එමටය.ඔහුටද දෝනිගෙන් ඉගෙන ගත යුතු දෑ බොහෝය.එය වෙනම කතාවකි.

    මැතිව්ස් මොලයෙන් සෙල්ලන් කරන්නෙකි.නමුත් ඔහුට තිබුනේ අර ඕවරයටම අල්ලා එංගලන්තය මඩවන්නේ නැතිව පලමු බෝලයට චන්දිමාල් හරවා නොයවන්න ය.එක් ලකුනක අඩුව චන්දිමාල්ගේ 100ට මහ ලොකු හානියක් නොවේ.එතන ඒ දේ කලා නම් කවුරුත් යහතින්ය.මැතිව්ස්ගෙ ටිකිරි මොලයට එය නොවැටුනේ මන්ද?ඔහු ඩිල්ෂාන් සමග ඔරෝවට කටයුතු කලාවත්ද...එය එසේ නම් අන්න එය විමසා බැලිය යුත්තකි.පොදුවේ මැතිව්ස්ට ටිකක් මොලේ කල්පනා කරන්නට තිබුනි.(ඔහු කරන්නට හැදුවේ හොද දෙයකි.නමුත් කල හැටි වැරදිය.)

    මෙය මහත්වරුන්ගේ ක්‍රීඩාවකි.එම සිදුවීම ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායම අමු අමුවේ එලිපිටම මැඩෙව්වා හා සමාන නොවේද?එවැනි සිදුවීම් දෙස ක්‍රිකට් ලෝකය කලකිරීමෙන් බලා සිටීම පුදුමයට කරැනක් නොවේ.එය ඉන්දියාවට කලා නම් දුක නැත.නමුත් අප කතා කරන්නේ සංගක්කාර,මැතිව්ස්,චන්දිමාල් හතරක් ගැසුවද නැගීසිට අත් දෙක එක් කර එය අගය කරන “ක්‍රිකට්“ජාතියක් ගැනය.(“ක්‍රිකට්“ජාතියක් ගැන පමනක් කතා කරමි).නිහතමානී නායකයෙක් මෙහෙයවන කන්ඩායමක් ගැනය.

    අවසාන වශයෙන් ඩිල්ෂාන් වැරදිය.නමුත් ඔහු සමාව දිය හැකි වැරදකරුවෙකි.මැතිව්ස්ද වැරදිය.නමුත් ඔහුද සමාව දිය හැකි වැරදකරුවෙකි.නමුත් කල යුත්තේ ඉදිරියේදිවත් මෙවන් වැරදි මග හරවා ගැනීමය.ක්‍රිඩාවේ මහත්මා ගතිය රැක ගැනිමය.

    ReplyDelete
  4. හෙනට වටිනව හොඳේ.........

    ReplyDelete